සිංහල, Health, Kandy

මහනුවර මහ රෝහලේ ලේඛණ ප්‍රමාදයෙන් රෝගීන්ට දුෂ්කරතා

මහනුවර මහ රෝහලේ නෝවාසිකව ප්‍රතිකාර ලබාගෙන පිටව යන රෝගීන්ගේ ලේඛන ප්‍රමාදවීම හේතුවෙන් රෝගීන්ට පැය දෙක තුන බලාසිටීමට සිදුවන බව වාර්තාවේ. සාමාන්‍යයෙන් සෑම දිනකම දහවල් 12 ට හා සවස 5 ට නේවාසික රෝගීන් රෝහලෙන් පිටත් කිරීම සිදුවේ.(ටිකට් කැපීම) වෛද්‍යවරු සිය නිර්දේශ ඉදිරිපත් කර පැය දෙකතුනක් පමණ යන තෙක් අදාල රෝගීන්ට රෝහලෙන් පිටවිමට නොලැබෙන බව රෝගීහූ පවසයි. මේ හේතුවෙන් බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි රෝගීන් දැඩි අපහසුවට පත්වන්නේ ඔවුන් පදිංචි ප්‍රදේශවෙත යාමට ප්‍රවාහන පහසුකම් සලසාගැනීමට නොහැකි වීමෙනි.
අප මේ පිළිබඳව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂකතුමියගෙන් විමසිමක් කිරීමේදී එතුමිය අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවාඩුලබා සිටි නිසා එහි වෙනත් පරිපාලන නිළධාරියෙකු අප හා සම්බන්ධ විය. ඔහු කියා සිටියේ සෑම වාට්ටුවකම නේවාසික වෛද්‍යවරු දෙදෙනෙකු සිටින බවත් ඔවුන් ටිකට් කපන ලද සියළු රෝගීන්ගේ ටිකට් පත් එකවර රෑගෙන ගොස් ලියා ලබාදෙන නිසා යම් කාලයක් ගතවන බවයි. එසේම සෑම රෝගියෙකුටම නැවත පැමිණීමේ දිනයක්, බෙහෙත්, රෝග නිෂ්චය කිරීමේ පරීක්ෂණ ආදියද ලියා දියයුතු නිසා යම් කාලයක් ගත විම සාමාන්‍ය දෙයක් බව ඔහුගේ අදහසයි.