සිංහල, Democracy, Hambantota, Human Rights, Peace and reconciliation

‛‛මැදමූලනට’’ දෙමලු ඇතුළු වීම තහනම්

පසුගිය අප්‍රේල් 9 වන දින අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා වීරකැටිය ප්‍රදේශයට ගිය ප්‍රවර්ධන කණ්ඩායම අතර සිටි ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ අනන්‍යතාවයද තහවුරු කළ පසු උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කල පුවතක් තංගල්ල උසාවියෙන් වාර්ථාවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් වහනයක රියදුරු මහතෙකු හා එම වාහනයේ සිටි මෝලම් බෑන්ඩ් කණ්ඩායමක හා නැටුම් කණ්ඩායමක පිරිසකි.

විකල්පට වාර්ථාවන අන්දමට සිද්ධිය මෙසේයි. ‛‛ කොළඹ අබාන්ස් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා කොළඹ ප්‍රදේශයේ සිට රට පුරා ගමන්ගත් ප්‍රවර්ධන කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 9 වන දා නියමිත පරිදි වීරකැටිය ප්‍රදේශයට ලඟා වුයේ එම ප්‍රදේශයේ ප්‍රවර්ධන කටයුතු සඳහාය. කෙසේ වෙතත් මෙහි පැමිණි සියළු දෙනාම පොලීසියේ දැඩි පරීක්ෂාවට ලක්වුයේ එම ප්‍රදේශය ජනාධිපතිතුමාගේ ගම්ප්‍රදේශය නිසා එතුමා නිතර එහි යනෙන නිසා බව කියවේ. මින් එක් වාහනයක සිටියේ මෝලම් බෑන්ඩ් කණ්ඩායමක සාමාජිකයන් 6 දෙනෙකුත්, නැටුම් කණ්ඩායමකට අයත් මවක් සහ දියනියකුත් ඇතුළු 12 දෙනෙකි. එම වෑන් රථයේ රියදුරු හා මෝලම් කණ්ඩායමේ සාමාජිකයන් දෙමළ ජාතිකයන් වූ අතර නැටුම් කණ්ඩායමේ මව හා දියණිය ඇතුළු ඉතිරි පිරිස සිංහල ජාතිකයන්ය. එහි සිටි ද්‍රවිඩ ජාතිකයන් සතුව ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ලියකිවිලි හා ප්‍රදේශයේ පොලිසියෙන් ලබාගත් අනන්‍යතා ලියකියවිලි ඇතුළු සියලු තොරතුර තීබි ඇත. එහෙත් පිරිස දෙමළ නිසා පොලීසිය වෙත ඔවුන් රැගෙන ගොස් නැවතත් ඔවුන් පිළිබඳව සොයා බලා ඔවුන්ට පිටත් විමට අවසර ලබා දී ඇත. මෙසේ පිටත්ව ගිය ඔවුන්ට මද වේලාවකින් පොලීසියෙන් දුරකථන ඇමතුමක් ලැබුන අතර එමගින් කියවුනේ නැවතත් පොලිසියට පැමිණෙන ලෙසයි. නැවතත් පොලිසියට ගිය ඔවුන්ට දැනගන්නට ලැබුනේ අත්අඩංගුවට ගත් කොටි පිරිසක් පොලීසිය විසින් මුදාහැර ඇති බවට මහජනතාව විසින් ඉහළට පැමිණිලි කර ඇති නිසා ඔවුන්ව උසාවියට ඉදිරිපත් කිරීමට සිදුවන බවය.මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම පිරිස අහිංසක බව දන්නා නමුත් තමා ද රැකියාව බේරාගත යුතු නිසා පිරිස උසාවියට ඉදිරිපත් කිරිමට සිදුවන බවයි. මෙම පුද්ගලයින් 9 දෙනාට එදින රාත්‍රිය පොලිසියේ ගත කිරීමට සිදු වූ අතර පසුදා ඔවුන්ව උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. මෙහිදී විනිශ්ච්‍යකාරවරයා පවසා ඇත්තේ අබාන්ස් ආයතනයෙන් ඉදිරිපත් වී මොවුන්ගේ පැමිනීමට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නම් පිරිස මුදාහරින බවයි. කෙසේ වෙතත් අබාන්ස් ආයතනයේ වීරකැටිය කළමණාකාරවරයා එය ප්‍රතික්ෂේප කර ඇත්තේ ‛‛ තමන් නොදන්නා අය වෙනුවෙන් තමන්ට සහතික විය නොහැකි බව දන්වමිනි.’’ අවසානයේදී බන්ධනාගාරයේදී මෙම පිරිසට එහි ජේලර්වරුන්ගෙන් පහර කෑමට සිදුවූනේ ද කොටි යන චෝදනාවටය.
අපි කිසි වරදක් කරල නැහැ එහෙත් අපිට හිරේ ලගින්න උනෙත් ගුටිකන්න උනෙත් අපි දෙමළ නිසා. අපිව අත්අඩංගුවට ගන්න කොට අපි ලඟ සියළු ලියකියවිලි තිබුනා. අයිඩී කඩ් එක, පොලිසි රිපෝර්ට් එක හා අබාන්ස් ආයතනයේ ලියකියවිලිත් අපි ලඟ තිබුන. අපි කොටි නෙමේ මහත්තය අපි අහිංසක මිනිස්සු අපි මේ මහන්සි වෙන්නේ කීයක් හරි හොයාගන්න. මේ සිද්ධියට මුහුණ පෑ වාහනයේ රියදුරු සිවා අප සමග පැවසුවා.