සිංහල, Colombo, Life quips, Peace and reconciliation

මුගුරක්, කඩුවක් සහ නවගුණ වැලක්

chinese-sword-publish-vikalpaඅද උදේ නුගේගොඩින් බස් එකට නැග්ගේ ඔෆිස් එන්න. නුගේගොඩ අලුතින් ඉදි කල ගුවන් පාලම නිසා කොළඹ දෙසට එන බස් නැවතුම තිබුණේ ටිකක් ඈතින්. ඒ නිසා ටිකක් ඉක්මනින් ඒදෙසට ගමන් කලේ වේලාව උදේ 9ට ආසන්න නිසා.
වේගයෙන් ආ බස් රථය මා අසලම නතර කලේ ය. මම එක් කකුලක් බසයේ තබනවාත් සමගම බසය ඉදිරියට ගියේ ය. මෙය පුද්ගලික බස් රථවලින් අපේක්ෂාකරමින් බස්වලට නගින නිසා මම බිම නොවැටී බේරුනෙමි.
හැමදාම මෙන් බසයේ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබිණි.
ඒ වනවිට, එම ගුවන් විදුලි සේවාවේ මට තේරුණු හැටියට විකාශය වෙමින් පැවතියේ පසුගිය දා මහත් ආන්දෝලනයට තුඩු දුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රටවල් ශ්‍රි ලංකාව පිළිබඳ දැක්වූ අදහස් පිළිබඳ වැඩසටහනකි.
වැඩසටහන අතරතුර ගීතයක් ඇසෙන්නට විය. එය නන්දා මාලිනීගේ බව මොහොතකින් මට අවබෝධ විය.
මුගුරක් අවැසි තැන
මුගුරක් ගෙන ගසනු.
කඩුවක් අවැසි තැන
කඩුවක් ගෙන කොටනු.
සංග්‍රාමයෙන් පසු
නවගුණ වැල
ගනිමු.

නන්දා මාලිනී යනු මේ රටේ බොහෝ මිනිසුන් ආදරය කරන ගායිකාවකි. සාමය උදෙසා කරන ලද මෙහෙයට වරක් සම්මානයෙන් ද පුද ලද ගායිකාවකි.
සිංහල නොවන ජනයා අතර ජනප්‍රිය, ගනදෙවි කෝවිල, ආඬි ලිංවලින් උනන්නේ වතුර නොවෙයි ලේ, වැනි ගීතත් ඇය විසින් මේ සමාජංය ඉදිරියේ ගායනා කරන ලද්දේ ය. ශාන්ත මේ රාත්‍රියේ, ප්‍රේමය නම් රාගයෙන් තොර, බෝසත් ගුණ වැනි ගීත ලාංකිකයන්ගේ සිත් ප්‍රචණ්ඩත්වයෙන්, වෛරයෙන් මුදවා ගැනීමට උත්සහකරන ලද ගීතයි. ප්‍රේමය පිළිබඳ නව මානයන් අවදි කරවන ගීතයි.
ඒත් අනෙකාව තලා පෙළන අදහස් ඇති ගීත මෙවන් ගායිකාවකගෙන් කියවුනේ මන්ද? එකවිට ප්‍රේමය සහ වෛරය එකම ගායිකාවක් විසින් මේ සමාජය වෙත මුදා හරින්නේ කෙසේද? කලාකරුවෙකුට හෝ කලාකාරියකට මුගුරක් හෝ කඩුවක් ගැනීමට යම් සමාජයකට යෝජනා කල හැකිද? ඇතැම් කාලවලදී සාමය සඳහා සම්මාන ලබා ගත් ගායිකාවකට….?

Pic – Internet