සිංහල, Colombo, Life quips, Peace and reconciliation

සංසිද්ධියක් චරිත ඝාතනයක් වන තරමට …

කලක පටන් ශ‍්‍රී ලංකා සමාජ, ආර්ථික, දේශපාලන තලයේ තීරණාත්මක සාධක රැුසක් නිර්මාණය කරනු ලැබූ ජූලි මාසය, 2007 වසරේ දී පෙර තරම් සුවිශේෂී සාධක සඳහා පාදක වූ බවක් නො හැ`ගුණ ද, අගෝස්තු මාසය ආරම්භවත් ම ජූලි මාසයේ ප‍්‍රකාශිත සංසිද්ධීන් රට තුළ ආන්දෝලනාත්මක කතිකා රැුසක් නිර්මාණය කොට තිබේ. ඒ අතරින් විශේෂ වන්නේ, දක්ෂ කථිකයෙකු නො වන බවට ඇතැමුන් විසින් සමාජගත කොට තිබූ රනිල් වික‍්‍රමසිංහයන් එම මතයට එරෙහි ව යමින්, ඇතැම් පාර්ශවයන් හි දේශපාලනික නිලයන්ට නිවැරදි ව එල්ල කරන ලද ප‍්‍රහාර කිහිපයකි. සුළු පිරිසකගේ නිර්දය විවේචනයන්ට බඳුන් වුවත් පක්ෂ, විපක්ෂ බොහෝ දෙනාගේ පැසසුමට ලක් වන සෘජු ප‍්‍රකාශ කිහිපයක් ඔහු විසින් පසුගිය දා කරනු ලැබුවේ ය. ඒවා අභීත යැයි ඉඳුරාම කිව හැකිය. තම දේශපාලනය හා පක්ෂයේ දේශපාලනය ද පරදුවට තබා 2002 වසරේ විමුක්ති කොටි සංවිධානය සමඟ අස්සන් කළ අවබෝධතා ගිවිසුම තරමට ම ඔහුගේ ප‍්‍රකාශ ප‍්‍රශස්ත ය.

වර්තමානයේ සිංහල, බෞද්ධ අධිපති මතවාදය නියෝජනය කරන්නවුන්ගේ එරැුවුම්, ගැරැුහුම් ආදියට බියෙන්, ඇත්ත ඇති සැටියෙන් නො කියා, මුලූ ගැන්වී සිටිනවුන්ට රනිල් වික‍්‍රමසිංහයන් ආදර්ශයක් වී ඇත.

තීරු බදු රහිත යථාර්තය
2004 වසරේ පැවති (දකුණු* පළාත් සභා මැතිවරණයෙන් හා හා පුරා කියා දේශපාලනයට පිවිසි නවකයෙකු සිය කුළුඳුල් මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් ලක්ෂ 25 කට අධික ප‍්‍රමාණයක් වැය කොට තිබුණි. එ තරම් මුදලක් වැය කිරීම සම්බන්ධව ඔහුට කිසිදු චකිතයක් ඇති නො වූයේ, ජය සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වූ බැවිනි. ජයග‍්‍රහණයෙන් අනතුරුව ඔහුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත‍්‍රයේ වටිනාකමට අනුව, ඔහු ලාභ, අලාභ ගිණුම සකසා ගනිමින් මැතිවරණ ව්‍යාපාරයේ නියැළුණි. ඔහුට ලැබුණ වාහන බලපත‍්‍රය ද මේ වන විට ( රුපියල් ලක්ෂ 45 කට * විකුණා ඇති අතර, අනෙකුත් මන්ත‍්‍රීවරුන්ගේ බලපත‍්‍ර සඳහා ද ඒ ආනිසංසයම පල දී ඇතුවාට සැක නැත. අද වන විට ලංකාවේ දේශපාලනය පත් ව ඇති තත්ත්වය ඉන් පැහැදිලි ය. එක් කණ්ඩායමක කි‍්‍රයාකාරකම් අනුව එය දුශ්ශීල යැයි රනිල් ප‍්‍රකාශ කළ ද, ”රාවය” පත‍්‍රයේ තිඹිරියාගම බණ්ඩාරයන් සඳහන් කළ තක්කඩි දේශපාලනයක මුළු රටම පොදුවේ ගිල්වා ඇති සෙයකි. එ හෙයින් විපක්ෂ නායකයාගේ හැඳින්වීමට වඩා තිඹිරි ගේ හැඳින්වීම සැර වැඩි ය. මේ වනචර රැුළගෙන් රට බේරා ගැනීමට වහ වහා පෙරට ආ යුතු යැයි ඉහත ප‍්‍රකාශ දෙක ම අධ්‍යයනය
කරන්නෙකුට නො සිතෙන්නේ නම් පුදුමයකි.

මුදලාලිලාට එරෙහි උද්ඝෝෂණ
මේ දුශ්ශීල, තක්කඩි, වනචර දේශපාලනය ස්ථාපිත වන කල්හි ඊට අනුගත නොවනු රිසි පිරිස් අතරින්, විශේෂයෙන් ශ‍්‍රී ලාංකේය, දේශපාලනික තාරුණ්‍යය සංකේතවත් කිරීමට සමත් ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දී හඳුනාගත හැකි විය.

එය අද තක්කඩි දේශපාලනය නො ව වසල දේශපාලනයෙන් ද ඔබ්බට ගමන් කරනු දැක ගත හැක. ගෙවුණු සතියක් පුරා ජනතා විමුක්ති පෙරමුණ සුපුරුදු හා තමන් ප‍්‍රවීණ, සන්නිවේදන ක‍්‍රියාදාමය හෙවත් පෝස්ටර් ව්‍යාපාරයන් මගින් යමක් කීමට තතනමින් සිටින අයුරු දැක ගත හැකි විය. එය පහව ගියේ අගෝස්තු 14 වන කුජ දා දහවල් ලිප්ටන් වටරවුමේ දී ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පෙරළීමට ඉඩ නො දෙන බවත්, එය ආරක්ෂා කරන බවත්, එයට එරෙහි ව කුමන්ත‍්‍රණ දියත් වන බවත් ප‍්‍රකාශ කරමින්, එම ආණ්ඩුව ම ඉහළ නංවා ඇති උද්ධමනයට එරෙහි ව හඬ නඟන්නේ යැයි පැවසීම වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ නපුංසක භාවය ප‍්‍රකට කිරීමකි. ඔවුන් මෙදා උද්ඝෝෂණයේ රැුගෙන ගිය විරෝධතා පුවරු රැුසක සටන් පාඨ ලියා
තිබුණේ ඉංග‍්‍රිසි භාෂාවෙනි. එ බැවින් මේ උද්ඝෝෂණයේ යටි අරමුණක් වූ බව පැහැදිලි ය.

එ නම් ජ.වි.පෙ. නම් වූ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යුහයේ පෝෂණය සඳහා විවිධ පාර්ශව ආමන්ත‍්‍රණය කිරීම ය. එ මගින් ජ.වි.පෙ. තුළ සිටින අතළොස්සකගේ සුඛ විහරණ තහවුරු කර ගැනීම ය. එ සේ නො වන්නේ නම් ආණ්ඩුව රකිමින්, ආණ්ඩුවේ ම සිටිමින්, ආණ්ඩුවම වෙමින් බඩු මිළ අඩු කරන්නට යැයි ජ.වි.පෙ. මේ කියන්නේ භාණ්ඩ අළෙවි කරන
වෙළඳුන්ට මිස අන් කවරෙකුට ද?

නිදහස් අධ්‍යාපනයේ පළමු වන ශ්‍රේණිය
අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා නිදහස් අධ්‍යාපන විප්ලවය ඇති කිරීමෙන් අනතුරුව ඊට එරෙහි වූ ඇතැමෙකුගේ මතය වූයේ සිංහලත්, ඉංග‍්‍රීසීත් දෙකම හරියට නොදන්නා පරපුරක් බිහිවීමට එම ක‍්‍රියාවලිය හේතුවක් වන බව ය. ඇතැම් හු අද යළිත් නිදහස් අධ්‍යාපනය ගැන හඬ තලති. ඊරියගොල්ල මහතාගේ වැඩපිළිවෙළෙහි අඩුපාඩු තිබිය හැක. එ සේ වුවත් ඊරියගොල්ල මහතා බඳුන් කළ විප්ලවය නිදහස් අධ්‍යාපනය ම දැයි හරි-හැටි නො වැටහෙන තරමට, කලකට පෙර ඊට එරෙහි වූවෝ සහ විවේචනය කළෝ අද එයට පක්ෂ ය.

රජයේ පාසල්වල පළමුවන ශේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ශේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ හරහා මෙම අලූත් වූ කථිකාව ඇතුළුව දේශපාලන අර්බුදයක් නිර්මිත ය. මේ සම්බන්ධව ද සෘජු, පැහැදිලි හා අගනා ම ප‍්‍රකාශය කරනු ලැබූ
එක ම දේශපාලනඥයා ද රනිල් වික‍්‍රමසිංහයන් ය. විවිධ ක්ෂේත‍්‍රයන්ගෙන් මෙම සිද්ධිය අළලා ප‍්‍රකාශිත කරුණු පිළිබඳව ඇතැමුන්ට ගැටලූ තිබිය හැක. ”නිදහස් අධ්‍යාපනය වනසනවෝ …” යැයි මොර දෙමින් තමන්ගේ ගොඩට ජව සම්පන්න හා ආවේගශීලී යොවුන් ශිෂ්‍ය කොටස් එක් කර ගන්නා ජනතා විමුක්ති පෙරමුණ මෙයට අදාල ව නිරූපණය කරන භූමිකාව විමසා බලමු. රනිල් ගේ කතාවේ ඇතුළත් වූ ”ටයිකෝට් අඳින පළඳින …” යනුවෙන් වූ සඳහනට අදාළ කොටස පමණක්, ප‍්‍රස්තුතය විග‍්‍රහ කිරීමේ දී ඔවුන්ට වැදගත් වන බවක් පැහැදිලි වූයේ, ඔවුන්ගේ එෆ්.එම්. නාලිකාවට අහම්බෙන් සවන් දෙන විට ය. දේශපාලන ව්‍යාපාරයක් විසින් සෘජුව ම මෙහෙයවන ලංකාවේ එක ම මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන්නේ ද ජ.වි.පෙ. බව ද අමතක නො කළ යුතු ය.

රනිල් පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රකාශය විකාශය කළ අදාළ නාලිකාව, රනිල් උපහාසයට, අපහාසයට බඳුන් කිරීමට තැත් කළේ ” ටයිකෝට් ” කොටසිනි. රනිල් කළේ විග‍්‍රහයකි. එයට ඔහුගේ ඇඳුම ප‍්‍රශ්නයක් නොවේ. ටයිකෝට් අඳිනවුන්ට රෙද්ද, බැනියම
අඳිනවුන්ගේ දුක ගැන හෝ උන් පත් වන අසාධාරණය ගැන හෝ කතා කිරීමට අයිතියක් නැති ද? ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නවුන් ටයිකෝට් නො අඳින්නේ ද? නිදහස් අධ්‍යාපනය ගැන කතා කරමින්, දහස් ගණනකගේ ලේ, දහඩිය, කඳුළු මතින් උරුම වූ මන්ත‍්‍රී වරප‍්‍රසාදයන්ට මුවා වී, ජාත්‍යන්තර පාසල් හා කොළඹ ඇති සුපිරිම පාසැල්වලට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ දරුවන් ඇතුළත් කොට නො මැති ද? සැබවින් ම, මේ ප‍්‍රශ්න ජනතා විමුක්ති පෙරමුණෙන් ඇසිය යුත්තේ, අදටත් දුක්ඛිත ජීවිත ගත කරමින් ජ.වි.පෙ. ට කඹුරන අහිංසක නංගිලා, මල්ලිලා විසිනි.

පර්සි මහේන්ද්‍ර හෙවත් මිහින් මිත්‍යාව
නිදහසින් පසු බිහි වූ විශිෂ්ට දේශපාලනඥයින් සුළු පිරිස අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ දෙදෙනෙකුගේ සේවය අදටත් පුන පුනා වර්ණිත ය. අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල සහ රණසිංහ පේ‍්‍රමදාස ඒ ශ‍්‍රීමතුන් ය. පේ‍්‍රමදාසයන් ඒ අතරින්
ද සුවිශේෂ වන්නේ, මෑත යුගයේ බිහි වූ එකම ප‍්‍රායෝගික රාජ්‍ය නායකයා වශයෙනි. ඝාතනයට ලක්වීමට පැය කිහිපයකට පෙර ඔහු ඉල්ලා සිටියේ තමා ඝාතනය කළ ද චරිතය ඝාතනය නො කරන ලෙස යි. එම ප‍්‍රකාශය අද කළ යුතු දේශපාලනඥයා වනුයේ රනිල් වික‍්‍රමසිංහ වුවත්, ඔහු උපේක්ෂා සහගත ව සියල්ල විඳ දරා ගනිමින් සිටීම ප‍්‍රශංසනීය ය. පෙර සඳහන් කළ අධිපති මතවාදය විසින්, රනිල් අන්‍ය ආගමිකයකු ලෙස සමාජ ගත කිරීමට වෙර දැරීම එහි එක් පියවරකි. රනිල්ට ප‍්‍රති විරුද්ධ ප‍්‍රමුඛ දේශපාලකයා වන වත්මන් ජනාධිපති. රාජපක්ෂයන්ගේ සම්පූර්ණ නම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ බව මෙ රට ආචාර්ය, මහාචාර්යවරු බොහොමයක් මෙන් ම, ඡුන්ද දායකයෝ අති බහුතරයක් ද නො දැන සිටියෝ ය. එ නිසා වෙන් ම ඇතැම්
ආචාර්ය, මහාචාර්ය, විද්වත් හු මෙන් ම ඡුන්ද දායකයෝ ද මහින්දාගමනයක පෙර නිමිති දුට හ. පණ ඇති මිනිසෙක්, සිංහල, බෞද්ධයෙක්, දකුණේ එකෙක් විධායකාරූඨ වන්නේ එ සේ ය. මේ සියලූ උපහැරණ තුළ වූයේ විරුද්ධවාදියාගේ චරිත ඝාතන උත්සාහයන් ය. තමන්ට විරුද්ධ පිල එසේ හැසිරෙද්දී, රනිල්, පර්සි මහේන්ද්‍ර නාමය උස් හඬින් උච්චාරණය කරයි.

පුදුමය නම් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂයෝ වත්මන් විධායකයේ සිංහාසනාරූඨ කිරීමට වෙර දැරූ (දේශපාලන මන්ද බුද්ධික* විද්වතුන් ඒ හඬ අබියස බිහිරි වීම ය. මොවුන්ගේ ආශිර්වාදය ඇති ව බොරුවෙන් ඇරඹූ ගමන තව ම නො නිමියේ ය. එහෙත් පෙර කී ආචාරිය, මහාචාරියෝ නො දන්නා දෙමළෙට ගොස් වරිගෙ නසා ගත් ආචාරියාගේ තැනට තල්ලූ වන දිනය ඈතක නො වන බව පැහැදිලි ය.

ජනිත් විපුලගුණ
2007 අගෝස්තු 16

Download my article here.