සිංහල, Features, Life quips, Matale

ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..

මාතලේ, ලග්ගල කියන්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. එයිනුත් පුවක්පිටිය වැනි ගම් වඩා දුෂ්කරයි. ළමුන්ට පාසල් යන්න බස් නෑ. ලෙඩක් උනාම රෝහලක් තියෙන්නේ කි.මී.8ක් විතර ඈතින්. විදුලිය අහලකවත් නෑ. ළමයෙක් ලැබෙන්න ගියාම එක්කෝ රත්තොටට නැත්නම් මාතලේ රෝහල්වලට යවනවා. පාසල්වල ළමුන් 50ක්වත් නැති තරම්. ඒත් ඉගෙන ගන්න ළමයින්ට උගන්වන්න ගුරුවරු නෑ. ඉන්න ගුරුවරු ඉස්කෝලෙට එන්නේ උදේ 11ට විතර, 1.30ට ආපහු යනවා. ඔවුන් ජීවත්වෙන්නේ තමන්ම වගා කරගත් දේවල්වලින්. අවුරුදු 100ගණනක සංස්කෘතිය තාමත් එහේ තියනවා. මැද මිදුල්, ගොම මැටි ගාපු බිත්ති, පොළව, වී අටු, කිතුල් රා, හරිත වර්ණ වනාන්තර, දිය ඇළි ඔවුන්ගේ ජීවිතයේ වටිනාම කොටස්. ඒත් ඔවුන්ගේ ජිවිතය මහා දුෂ්කරයි කියලා අපිට හිතුනත් මේ ඡායාරූප වගේ ඔවුන්ට නම් එය ලස්සනම ලස්සනයි..

Pic/ Story – Sampath Samarakoon