සිංහල, Corruption, Features, Life quips, Moneragala

හල්දුම්මුල්ලේ “කුඹුක් සංහාරය”

kumbuk-tree_1
හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වෙලංවිට ප්‍රදේශයේ සිදුකරන “කුඹුක්ගස් සංහාරය” නිසා එම ප්‍රදේශයේ ජනයා මහත් අපහසුතාවයකට පත්ව සිටී. මෙම කුඹුක් ගස් විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ප්‍රදේශයේ කුඹුරු පුරන් වන තත්වයකට පත්වෙමින් ඇති බව ගොවීන් පවසයි.
මේ කුඹුක් ගස් තම පෙෘද්ගලික ඉඩම්වලට යා කර බලපත්‍ර යටතේ මෙම ‛කුඹුක් සංහාරය’ සිදුකරන බවත්, මේ නිසා ලුණුගම්වෙහෙර ජලාශයටද මෙයින් බලපෑමක් සිදුවිය හැකි බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

මේ පිළිබද හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් නිශාන්ත ඩයස් මහතා කරුණ දක්වමින්,

‛මේ ගැන මම නිතර ප්‍රාදේශීය සභාවේදීත් කතා කරනවා. තමන්ගේ පෞද්ගලික ඉඩම් කියමින් එක්තර අයෙක් කරන මේ ක්‍රියාව රටට අහිතකරයි. මේ දැව ඇදීම නිසා රජය ඉදිකරන මාර්ග තවත් අතකින් විනාශ වෙනවා. ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමාධාර මත ඉදිවන කොන්ක්‍රීට් මාර්ග වලින් ගමේ ජනතාවට ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. දැන් ප්‍රාදේශීය සභාව තමන් යටතේ තිබෙන මාර්ගවල ටොන් 5ට වැඩි බර වාහන යෑම තහනම් කර තිබෙනවා. ඒ නිසා රාජ්‍ය මට්මින් මේ දැව හෙලීමේ අක්‍රමිකතා සොයා බලන්න ඕනෑ. තවත් පැත්තකින් කුඹුක් කියන්නේ වටිනාම දැව වර්ගයක්. මේවා අපි ආරක්ෂාකර ගත යුතුයි.”

සී. එස්. රත්න

pic – Internet