සිංහල, Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

#UPRLKA: ශ‍්‍රී ලංකාව පිළිබඳ UPR සමාලෝචනය ආශ‍්‍රිත පූර්ණ tweet ලේඛනාගාරය සහ අදාළ දෘශ්‍ය රූප

[Image courtesy: Sydney Morning Herald]

පසුගිය 2012 නොවැම්බර් 01 දා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී, විශ්ව කාලීන සමාලෝචනයේ(UPR) කොටසක් ලෙස ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සාකච්ඡාවට ලක් විය. පසු ගිය UPR රැස්වීම පැවතියේ රටේ 27 වසරක යුද්ධය අවසන් වුණු 2008 වසරේ දී ය. එය ඊට පෙර වසර හතරේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ඉතිහාසය පිළිබදව සමීප පරීක්ෂාවකට ලක් කළේ ය.

ශ‍්‍රී ලාංකික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගණනාවක් ද, Groundviews සහ විකල්ප[Vikalpa] ඇතුළු ස්වාධීන මාධ්‍යය ද, ට්විටර්[Twitter] අඩවියෙහි අදහස් පළ කරන අනෙක් ප‍්‍රමුඛයන් ද අතර, UPRහි සිදු වන ශ‍්‍රී ලංකාව පිළිබඳ විභාගය ආශ‍්‍රිත ට්වීට්[Tweet] පණිවුඩවල දී #UPRLKA සහ #UPR14 යන හෑෂ් ඇමුණුම් යොදා ගැනීමේ එකඟතාවක් ඇති විය. එහෙත් #UPR14 යන්න සාමාන්‍ය හෑෂ් ඇමුණුමක් බැවින්, ශ‍්‍රී ලංකාව පිළිබඳව Tweet පණිවුඩ යැවීමේ දී, මූලික # ඇමුණුම ලෙස #UPRLKA යොදා ගැනීමට දිරි ගන්වන ලදී.

ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය, ඔක්තෝබර් 29 දා (සඳුදා) සිට, විකල්ප අඩවිය ඔක්තෝබර් 30 දා සිටත්, #UPRLKA ඇමුණුම සහිත සෑම ට්වීට් පණිවුඩයක් ම (සහ සෑම පිළිතුරු ට්වීට් පණිවුඩයක් ම) තම ලේඛනාගාරය තුළ සංරක්ෂණය කිරීමට පටන් ගත්තේ ය. මෙය ලියන මොහොත වන විට අපි ට්වීට් පණිවුඩ 3,592ක් සංරක්ෂණය කර ඇත්තෙමු. ඉන් වැඩි කොටස තැපැල් කර තිබුණේ, නොවැම්බර් 1 දා, එනම් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව පිළිබඳ සැසිය ඇරඹෙන්නට පෙරාතු කාල පරිච්ෙඡ්දය තුළ සහ ප.ව. 2.30 සිට ප.ව. 6 දක්වා සැසිය අතරතුර ය.

Tweet පණිවුඩ සංරක්ෂණය කිරීම පහසු කටයුත්තක් නො වේ. මේ වසර අග දී ට්විටර් ගිණුම් හිමියන්ට මෙය පහසුවෙන් කර ගත හැකි කටයුත්තක් බවට පත් කරන්නෙමැයි සමාගම පිළින දී තිබුණත්, කරුණු ගණනාවක් නිසා එය බෙහෙවින් දුෂ්කර කාර්යයක්ව ඇත: Tweet පණිවුඩ කිසි යම් සුවිශේෂ # ඇමුණුමකට, සිදුවීමකට, ක‍්‍රියාවලියකට හෝ දිනයකට තදින් සම්බන්ධ ය; තත්පරයකට ගෝලීය පරිමාණව අතිමහත් Tweet පණිවුඩ සංඛ්‍යාවක් පළ වන බැවින්, ඒවා ඉක්මනින් අතුරුදන් වෙයි, සිසුන්ට, පර්යේෂකයන්ට සහ ඉතිහාසඥයන්ට ඒවා සොයා ගත නොහැකි තරම් ය, ඒවා වෙත පිවිසිය නොහැකි තරම් ය, පණිවුඩ පළ වීම උච්ච අවස්ථාව කරා ළඟා වීමෙන් පසු දිනවල, සතිවල සහ මාසවල දී, අඩවි වේදිකාව තුළ සිදු වුණු සාකච්ඡාවන්හි හරය නිසැකව දැන ගත නොහැකි තරම් ය. මෙකී දත්ත හානිය සැබෑ ම ගැටලූවකි. බරපතළ අභියෝගයන් සහ උද්වේගයන් සහිත, සංවාද මුළුමනින් ම Tweeter අඩවිය හරහා මෙහෙයවෙන සහ හුවමාරු වන මර්දනකාරී පාලන තන්ත‍්‍රයන් ඇති රටවල මෙම ගැටලූව විශේෂයෙන් ම දැකිය හැකි ය.

විකල්ප ගණනාවක් සලකා බැලූ අපි, ගූගල් පැතුරුම් පත සමග ට්විටර් අඩවියේ ඩිවෙලොපර් ඒපීඅයි(Developer API) ක‍්‍රමය යොදා ගෙන සෑම #UPRLKA Tweet පණිවුඩයක් ම සංරක්ෂණය කරන මාටින් හව්ස්කිගේ විධික‍්‍රමය[Martin Hawskey’s method] තෝරා ගත්තෙමු. එය යොදා ගැනීම සංසන්දනාත්මකව පහසු වූයෙන්, ශ‍්‍රී ලංකාව UPR හමුවේ පෙනී සිටින ආකාරය පිළිබඳ යාවත්කාල කිරීම් සඳහා සතිය තුළ දී යොදා ගැනීමට තෝරා ගත් # ඇමුණුම ලෙස නානාවිධ අඩවි වේදිකා ඔස්සේ #UPRLKA ඇමුණුම ප‍්‍රකාශයට පත් කෙරුණු දා ම, අපි අපගේ සංරක්ෂණ ක‍්‍රියාවලිය ආරම්භ කළෙමු. ඇමුණුම ප‍්‍රකාශයට පත් කරමින් අපි ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළෙමු.

පහත දක්වා ඇත්තේ Tweet පණිවුඩවල පූර්ණ ලැයිස්තුවකි. #UPRLKA හැෂ් ඇමුණුම සහිත සියලූ Tweet පණිවුඩ ඇතුළත් කර ගනිමින් සෑම අඩ හෝරාවකට වරක් ම මෙම පැතුරුම් පත ස්වයංක‍්‍රියව යාවත්කාලීන(Update) වන බැවින්, මෙය ලියන මොහොත වන විට අප වාර්තාගත කර තිබෙන පණිවුඩ සංඛ්‍යාව 3,600ක් පමණ වුව ද, කාලය ගෙවී යද්දී සංඛ්‍යාව බෙහෙවින් ඉහළ යා හැකි බව ද කරුණාකර සැලකිල්ලට ගන්න.

මෙහි Click කිරීමෙන් ඔබට මෙම spreadsheet හී වඩා විශාල විදැහීමක් වෙත පිවිසිය හැකි ය.

Archive 2 November 2012

මාටින් හව්ස්කිගේ අච්චුව යොදා ගත් අපි, මේ සතිය තුළ පළ වුණු සියලූ ට්වීට් පණිවුඩ අළලා ගත් පුළුල් දත්තමය දෘශ්‍ය රූපයක් නිර්මාණය කර ඇත්තෙමු. මෙම දෘශ්‍ය රූපය වේගයෙන් වෙනස් වන බව ද, හැෂ් ඇමුණුම සහිත තවත් ට්වීට් පණිවුඩ අනාගතයේ දී එහි පිළිබිඹු වනු ඇති බව ද සැලකිල්ලට ගන්නැයි යළිදු කිව යුතු ය.මෙහි ක්ලික් කිරීමෙන් ඔබට මෙම පැතුරුම් පතේ වඩා විශාල විදැහීමක් වෙත පිවිසිය හැකි ය.

පළ වුණු සියලූ ට්වීට් පණිවුඩ, ප‍්‍රමුඛතම ට්වීට්කරුවන් දස දෙනා, යොදා ගත් ප‍්‍රමුඛතම හැෂ් ඇමුණුම් සහ ප‍්‍රමුඛතම සංවාදකරුවන් පිළිබඳව ග‍්‍රාපික දැක්මක් ඉදිරිපත් කරන මෙම දත්ත සමුදාය බෙහෙවින් විශාල ය. එබැවින්, මෙම දෘශ්‍ය රූපය නැරඹීමට ඔබට තරමක් ප‍්‍රබල පරිගණකයක් අවශ්‍ය වනු ඇත. ඔබගේ පරිගණක මූසිකයේ තිබෙන කැරකෙන බොත්තම යොදා ගෙන දෘශ්‍ය රූපය සමීප සහ දුරස්ථ කළ හැකි ය. ඕනෑ ම තිතක් මත ක්ලික් කළ විට, මුළු ට්වීට් පණිවුඩ සංඛ්‍යාව, පිළිතුරු ට්වීට් පණිවුඩ සංඛ්‍යාව සහ සැඳහුම් ද ඇතුළුව, ඔබට ඒ පරිශීලකයා පිළිබඳ තොරතුරු ලැබේ.

සජීවී දත්තමය දෘශ්‍ය රූපයක් ලබා ගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න.

මේ දක්වා අප සංරක්ෂණය කළ සියලූ ට්වීට් පණිවුඩ, PDF ගොනුවක් ලෙස මෙතැනින් බාගත කළ හැකි බවත්, අවසන් වශයෙන් කියමු.

@groundviews