ජාතික හෙළ උරුමයේ නව වැඩ සටහන පිවිතුරු හෙටක් ගැන අතුරලියේ රතන හිමියන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව වාර්තා විය. එයින් බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ එකී වැඩ සටහන ගැන හෙළ උරුමය සමග රනිල් වික‍්‍රමසිංහ මහතා එක`ගවී ඇති බවකි. ඒ එක`ගවීම හරහා ගොඩ නැගෙන අවබෝධය යා හැකි දුර කොතෙක්ද? මෙය ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන උන්නදුවන බහුුතරයක් අසන ප‍්‍රශ්නයකි. හේතුව ජාතික හෙළ උරුමය ජනාධීපති මහින්ද රාජපක්‍ෂගෙන් බැහැරව දේහපාලන වශයෙන් ජාතික ප‍්‍රශ්න ගැන තිරණ නොගන්නා නිසාය.

පිවිතුරු හෙටක් යනුවෙන් නම් කළ ජාතික හෙළ උරුමයේ වැඩ සටහන පහළ වුනේ අමාත්‍ය විමල් විරවංශගේ කාරණා 12ට සමාගාමීව හෝ පසුවය. මෙම වැඩ සටහන් දෙකේ අන්තර්ගත කරුණුවල ඇත්තේ කුඩා වෙනස්කම්ය. ඒ වෙනස්කම් කුමක් වුවත්, ජනතාව ඒ ගැන එතරම් කලබල නොවේ. හේතු ගණනාවකි. පළමුවැන්න මේ පක්‍ෂ දෙකම තවමත් කල් ඉකුත් වන ආණ්ඩුවේ අවයව හෝ අ`ගපසග ප‍්‍රාණවත් කර නැගිට්ටුවන්ට වෙර දරන බවය. දෙවැන්න රාජපක්‍ෂ රෙජිමයේ මාතෘභූමි ගායන වෘන්දයේ අත්වැල් ගායනාවලට සහභාගි වන නිසාය. තෙවැන්න දැනටම අමාත්‍ය විමල් වීරවංශ මෙන්ම අවශ්‍ය මොහොතක ආණ්ඩුවේ රෝගී තත්්වයට අවශ්‍ය ඕනෑම බෙහෙතක් සොයා හිමාලයට වුවද යාමට පේවී සිටින නිසාය. අමාත්‍ය විමල් විරවංශ දැනටම ඌව පළාත් සභා මැතිවරණ සටන ආණ්ඩුවට දිනවා දීමට දිවුරා අවසානය. පිලෙන් පිට සෙල්ලම් කර රට කුල්්මත් කිරීමේ කි‍්‍රයාව ජාතික නිදහස් පෙරමුණට නම් කජු කනවා වාගේය. එහෙත් ඒ තරම් දක්‍ෂ ආකාරයට ජාතික හෙළ උරුමයට ඒ ටික සිදු කිරීම අපහසුය.

මේ වනවිට රටේ දූෂණය භීෂණය අප‍්‍රමාණ වේගයෙන් ඉහළ යමින් තිබේ. මේ චෝදනාව කරන විට ඔප්පු කරන්නැයි කෑ ගසන ගායකයෝ මිටි කාරයෝ සිටිති. පසුගියදා විද්යුත් නාලිකාවක ගුටි ඇන ගත්තේ ඔප්පු කිරීමේ අභියෝගය මුහුණේ අතුල්ලන්ට යාම නිසාය. දූෂණය භීෂණය අප‍්‍රමාණ වේගයෙන් ඉහළ යාම ඔප්පු කරන්න ඔඩිට් වාර්තා හෝ ගිනස් වාර්තා අවශ්‍ය නැත. රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපති වරයාට ඉල්ලා අස්වන්නැයි අමාත්‍යාංශ ලේකම් පසුගියදා නියෝග කළේය. ඒ ඇයි? කෝප් වාර්තාව විසින් හෙළි දරව් කළ ගැහිලි සත්‍ය බව ආණ්ඩුව පිළිගත් නිසාය. හරිනම් ඉල්ලා අස්විය යුත්තේ සභාපති පමණක් නොවේ. ඔහු ඒ තනතුරට පත් කළ ඇමති වරයාද ඉල්ලා අස්විය යුතුවේ. මෙහිදී රට අසන ප‍්‍රශ්නයක් ඇත. අර සභාපති වරයා තනතුරෙන් පහ නොකර ඉල්ලා අස්වෙන්නැයි දන්වා සිටිමද දූෂණයක් නොවන්නේද? කළේ වංචාවක් හොරකමක් නම් අල්ලා පොලිසියට භාරදි අධිකරණ නියෝගයකින් රිමාන්ඞ් කළ යුතුවේ. පසුගිය වසරක දැයට කිරුළ ප‍්‍රදර්ශනයට අදාල ටෙන්ඩර් සිද්ධියක් ගැන පොලිසිය අධධීකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් කළේ අතිරේක ලේකම් වරියකි. ඇය මාස ගණනක් රිමාන්ඞ් භාරයේ සිට ඇප ලබා ගත්තේ ඉතා අමාරුවෙනි. ඒ නීතිය මේ සංස්ථා සභාපති වෙනුවෙන් කි‍්‍රයාත්මක නොවන්නේ ඇයි? පිවිතුරු හෙටක් වෙනවෙන් පිණ්ඩපාතේ යන ජාතික හෙල උරුමයේ භික්‍ෂුන් වහන්සේලා සහ තාවකාලික පැවිද්ද ලබා මාර්ග පල අපේක්‍ෂා කරන ඇමතිවරු මේ ප‍්‍රශ්න කළ යුතුව ඇත.

මේ තත්වය තුල ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ට එක විදියකටත්, අවසේස අයට තවත් විදියකටත් සැලකිම ගැන ශී‍්‍ර ලංකා පරිපාලන සේවය කතා නොකිරිම වෙනම කතාවකි. ජ්‍යෙෂ්ඨයන් කපාගෙන තනතුරු හිගා ගොස් දූෂණයට භීෂණයට ගෙන්පස් ඇල්ලිම නිසා ඒ විශිෂ්ඨ සේවාව සිය`ථ ලකුණු කපාගෙන අවසන්ය. ජාතික හෙල උරුමය මේ ගැන කතා නොකරන්නේ ඔවුන්ද ගොම්පස් අල්ලන නිසා විය හැකිය. මේ සිද්ධියේදී ශී‍්‍ර ලංකා පරිපාලන සේවය සහ ජාතික හෙල උරුමය පෝලිම් ගස්වන්නේ ඒ කවුරු වුනත් එක එකාට ගොන්පස් අල්ලයි නම් පිවිතුරු හෙටක් කෙසේ වෙතත් පිවිතුරු රටක් අපට අහිමිවන බව කියන්නටය. දූෂණ වංචාවලට කවුරු කොටු වුනත් තරාතිරම වයස නෑකම් නොබලා දඬුකඳේ ගසා දඩුවම් කරන බව හෙළ උරුම වැඩ සටහනේ නැති නම් රටේ මිනිස්සු රනිල් වික‍්‍රමසිංහට සිනාසෙනවා සිකුරුය. ඒ අරලිය ගහ මන්දියට ගොස් කලූ කෝපි බීමත්, ජාතික හෙළ උරුමය සමග සංධානගත විමත් දෙකක් නොව එකක් වන නිසාය.

පිවිතුරු හෙටක් යනුවෙන් නම් කළ ජාතික හෙළ උරුමයේ වැඩ සටහනේ මෙවැනි සිද්ධින් ගැන කරන්නේ කුමක්දැයි දක්වා තිබේද? කිසි දවසක ජාතික හෙළ උරුමය හෝ ජාතික නිදහස් පෙරමුණ කෝප් වාර්තා වලින් හෙළිදරව් කළ නිලධාරින් ගැන කතා කර නැත. මැති ඇමතින් ගැන වහා අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩුවට බලකර නැත. එහෙම කිරීමේ හයියක් හවුල් කාර පක්‍ෂ හැටියට හෝ ජාතික චරිත ලෙස අමාත්‍ය විමල් විරවංශ හෝ අමාත්‍ය පාටලි චම්පික රණවකට නැත. අද මේ එක එක ඉලව් අටවා ගෙන අතන මෙතන ඇවිදින්නේ මේ කියන දූෂණය භීෂණය අප‍්‍රමාණ වේගයෙන් ඉහළ යවන ආණ්ඩුව ආරක්‍ෂා කිරිමටය. වර්තමානයේ රාජකාරි සඳහා මහා මාර්ගවලට මුදා හළ පොලිස් නිලධාරින් කි දෙනෙකු ගුටි කා ඇද්ද? ගංජා කාරයන්ගෙග් හෝ කසිප්පු කාරයන් ගෙන් නොවේ. ආණ්ඩුවේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් ය. අදවන විට හේතු සහිතව හෝ රහිතව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට එල්ල වන චෝදනා සියල්ල වදින්නේ ශී‍්‍ර ලංකා පොලිසියේ කීර්ති නාමයටය. එහෙත් හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රියශාන්ත ජයකොඩි රට හැර ගියේ සිය සේවයෙන් අස්වෙලා හෝ නොවේ. එසේම නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකරට දඩ කොලයක් දෙන්න ගිය පොලිස් රාළහාමිට සිද්ධ වුන දේ ලංකාවම දනී. පොලිසියේ සේවය කළඋඩ දුම්බර දෙදරු පියෙකු එල්ලා මැරුණේ ඇයි? ඉහල නිලධාරින්ගේ නිල නොවන පීඩනය දරු ගත නොහැකිවය. එපමණක්ද නොවේ. ඊයේ පෙරේදා අනිියම් ලිංගික හාදකමට අකමැතිවු දෙදරු මවක් ඝාතනය වුනේ පොලිසියේ අකාර්යක්‍ෂතාව නිසාය. ලංකා පොලිස් ඉතිහාසයේ වයෝර්ධතම නිලධාරියා සේවය කරන්නේත් ජාතික හෙළ උරුමය පිවිතුරු හෙටක් ගැන කතා කරන මේ අවදියේය.

මේ සිද්ධි සිද්ධ වෙන්නේ ජාතික හෙළ උරුමයද සමූහ ගායනා කරමින් රකින වර්ණනා කරන දේශාභීමානි ආණ්ඩුවේ බව ලංකාවක සුධීහු දනිති. එහෙත් පිවිතුරු හෙටක් සඳහා කැමැත්ත ගන්ට ගෙන්ගෙට යන ජාතික හෙළ උරුමය හෝ අමාත්‍ය පාඨලී චම්පික හෝ නොදනිති. එසේම ලංකාවේ හෙවත් මේ මාතෘ භූමියේ හොදා පාලූවට අලුත් රතන සූත‍්‍රයක් දේශනා කරමින් රනිල් වික‍්‍රමසිංහ පවා හමුවිමට ගිය අතුරලියේ රතන හිමියන් හෝ මේ තත්වය දන්නේ නැත. උන්වහස්සේ නිසරණාධ්‍යාශයෙන් චිත්ත පි‍්‍රතියෙන් අපේක්‍ෂා කරන බුදුධාලම්බන පි‍්‍රතියෙන් බලා සිටින හෙට ලංකාවට උදා කරන පිවිතුරු දවසේත් මේ පොලිසිය මෙහෙමම බව දන්නේ නැත.

අද වන විට අරවේග මේ වේග අර සේනා මේ සේනා විසින් අපවිත‍්‍ර කරන විනාස කරන බෞද්ධ ලාංචනය එදා මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් තනිව දැරුවේ ජාතික හෙළ උරුමය විසිනි. එදා ශී‍්‍ර දළදා මාලිගාව අබියස සිට දළදා හාමුදුරුවන්ට ඉදිරියේ සෙත් පිරිත් කියා රටට සෙත් පතා ජාතික හෙළ උරුමයේ පුරාවිද්‍යා චක‍්‍රවර්ති ආදි හිමිවරු ජාතියට සපත කර සිටියේ කුමක්ද? මේ විනාසකාරි විධායක ජනාධීපති ක‍්‍රමය අහෝසි කරනවා කියාය. විධායක ජනාධීපති ක‍්‍රමය අහෝසි කිරිල්ල කෙසේ වෙතත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම 17 වයවස්ථා සංශෝ්ධනයට කැමැත්ත පළකර අත් එසවූහ. ඒ වැඬේට මුල්වු දේශපාලනඥයන්ට අදත් රතන හාමුදුරුවන් වහස්සේ රතන සූත‍්‍රය දෙසා සෙත් පතති. පිවිතුරු හෙට දවසටත් විධායක ජනාධීපති ක‍්‍රමය තිබිය යුතුවේ. රනිල් වික‍්‍රමසිංහ විපක්‍ෂ නායකයා වි සිටිය යුතුවේ. කැසිනෝ වැනි පනතක් සඳහා ඡන්ද විමසන විට හෙළ උරුමය දෙකට බෙදී ගොස් හෙට වෙනුවෙන්ද කොටසක් ආණ්ඩුව වෙනුවෙන්ද තවත් පිරිසක් රට වෙනුවෙන්ද පෙනී සිටිති. ඒ අතර පුරාවිද්‍යා චක‍්‍රවර්ති හාමුදුරුවෝ කැසිනෝ පනතටත් පක්‍ෂව ඡන්දය දෙති. පුරාණ මකර තොරණ නිර්මානය වි ඇත්තේ සතුන් විසි ගණනක් එක් කොට තැනුව මෝස්තරයකිනි. ජාතික හෙළ උරුමය නිර්මානයවි ඇත්තේ ඒ වාගේ මෝසතරයකිනි. ඒ මෝස්තරය වයස්ගත සැදැහැවත් මෑණීවරුන්ට සාදු කියා පින් ගන්න විවිධ ප‍්‍රතිහාර්ය පාති. අථත්ගම සිද්ධියට ජාතික හෙළ උරුමය සම්බන්ධ නැත. එහෙත් ඕමල්පේ සෝබිත හාමුදුරුවන්ට චීවරධාරියා කි දවසේ ජාතික හෙළ උරුමය ගොලූවි තක්බීර්වි නොගියේද?

එසේම තෙල්දෙනිය, පන්විල, හාතලේ ශ‍්‍රී මුණසිංහාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට ගම්වාසින් පිරිසක් පහර දුන්හ. ඒ සිදුවිම පේරුවල විජ්ජුම්බරයට පසු සිද්ධියකි. පහරකෑමට ලක්වූ විහාරාධිපති හිමියන් පළමුව මඩුල්කැලේ දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කෙරිණ. තත්වය බරපතල හෙයින් නැවත මහනුවර මහරෝහල වෙත මාරු කර යැවිය. මේ පහරදීමට කාන්තාවන් 14 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගත්හ. ඒ අතර සිටි 17 හැවිරිදි ලාබාල තරුණයා පරිවාසයට භාරදි ඇත. හෙළ උරුමය තබා කිසිම සේනාවක් කතා කළේ නැත. රැුස්වීම් තියා අබ සරණයි කිවේ නැත. බේරුවල එක් භික්‍ෂුවකට පහර දීමක් නිසා පළාතක් ගිනි ගැනිණ. ඊට මුල්වූ සිංහල බෞද්ධකම අගමැති දිමු.ජයරත්නට එරෙහිව හෝ හාතලේ ප‍්‍රහාරකයන්ට එරෙහිව නැගිට්ටේ නැත. වැටුණ තැන්වල නිදාගෙන හෝ සැතපී සිටියාහ. මේ වනවිට බුද්ධාගමත් බුද්ධ සාසනයත් හරියටම ජාතික හෙළ උරුමය වාගේය. රටේ සියලු ප‍්‍රශ්න සිවුරෙන් වසා ඇතැයි කිසවෙකු කියන්නේ නැත. එහෙත් අරිහත් චිවරය ගිහියාගේ හිතසුව පිණීස මිස වාසිය පිණීස යෙදිය යුතු නැත. ඉස්සර කියන්නේ කොලය එළා ගෙන ඉඳ ගත්තා කියාය. දැක් කියන්න වෙන්නේ රටේ පරිහානිය හමුවේ සිවුර එළාගෙන පාරේ සැතපිලා කියාය.

ඕමල්පේ හාමුදුරුවන්ට චීවර ධාරියා කීම ගැන, හාතලේ විහාරාධිපති හිමියන්ට පහරදිම ගැන ආවේගයෙන් ගිනි ගෙන නො කිපිම ගැන අප සකල සංඝ සමාජයට ගෞරව කරමු. හේතුව බුදුන් වදාළේ නොකිපෙන ලෙසය. වෛර නොකරන ලෙස ය. කෝපව හතුරන් හඹා නොයන ලෙසය. එහෙත් ගව ඝාතනයට එරෙහිව ගිනි තියා ගැනීම සංඝ සෝබන නැත. භික්‍ෂුවකට පහර දුන්නා කියා මහා සභාවක් තියා චොප්පේගේ භාෂාවෙන් කතා කිරිම සාසනය කැත කිරිමකි. ප‍්‍රාදේශීය සභා සභාපති තනතුරු දරන බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා මස්කඩ ටෙන්ඩර් සඳහා අනුමැතිය දෙයි නම් එය දේවදත්තට අධීකරණ නායකකම දුන්නා වැනි වැඩකි.

ජාතික හෙළ උරුමය උදා කරන පිවිතුරු හෙට දවසේත් මේ කියන සාසන විලෝ්පනය එසේම සිදුවේද? ජාතික හෙළ උරුමය ප‍්‍රාර්ථනා කරන පිවිතුරු හෙට දවස ගැන මේ රටේ බොහෝ පිරිස් කල්පනා කරන්නේ අද ඊයේ සිට නොවේ. පේ‍්‍රමදාස යුගයේ ගාමිණි දිසානායක ලලිත් ඇතුලත්මුදලි ජී.ඇම්.පේ‍්‍රමචන්ද්‍ර ආදිහු විධායක ජනාධීපති ක‍්‍රමය පවින තාක් ලංකාවට පිවිතුරු හෙටක් අහිමි බව දැඩි සේ විශ්වාස කළහ. ඔවුන් ඒ වෙනුවෙන් ජීවිත පුදා ඉකුත්ව ගියහ.එහෙත් ගෙවුන විසි වසර තුල විධායක ජනාධිපති ක‍්‍රමයේ කුරිරු සර්පයා ලංකාව වෙලා ගෙන ගිහි පැවිදි භේදයෙන් තොරව සිය සාපයෙන් පටලා ගෙන සිටිති.

මේ තත්වය තේරුම් ගත් සිවිල් සංවිධාන මෙන්ම විපක්‍ෂ කණ්ඩායම් ඒකරාශී වෙමින් සිටිති. ඔවුන් සිය ව්‍යාපෘතිය අමතන්නේ පොදු වැඩ පිළිවෙලක් කියාය. ඔවුන් මේ සියලු ජාතික පසුබෑම් වලට හේතුව නිදානය විධායක ජනාධීපති ක‍්‍රමය බව කියා සිටිති. එන ජනාධීපති මැතිවරණයේදී සාමුහික හැගීමෙන් විධායක ජනාධීපති ක‍්‍රමය අහෝසි කිරිමේ බලමුලු එක් කරමින් සිටිති. මේ තත්වය තුල ආණ්ඩුව තුලින්ද නිකුත් වන සංඥා එතරම් සුබදායක නොවන බව රටට රහසක් නොවේ. මෝදුවන දේශපාලන සුළිය යටපත් කිරිමට ආණ්ඩුව වෙර දරමින් සිටියි. එය ඕනෑම පාලකයෙකුගෙන් අපේක්‍ෂා කළ යුතු තත්වයකි. ඒ අනුව රට තුල මේ පිබිදෙන රැල්ල විනාශ කිරිමට ආණ්ඩුව විවිධ ගැට ගසමින් සිටින බව පෙනේ. ඒ සඳහා කි‍්‍රයාත්මක වන විවිධ ව්‍යාපෘති අතර අමාත්‍ය විමල් වීරවංශගේ අහඹු ආවේසය මුල් තැනක් ගනී. විමල් විරවංශ රට මැදට පැන මුදල් අමාත්‍යංශයෙන් පටන් ගත් ඔහුට සුපුරුදු දෑත බෙදා නෙලිල්ලහි කරන රෝගී තත්වයකි. එය දැන්් සමහන්ව නතරව ඇත. එය හරියටම ඉඳහිට දරුවන්ට හැදෙන වලිප්පුවේ ස්වරූපය ඉන් එකකි. ඒ සමග ඔහුගේ බිරිය ජනාධීපතිතුමා සමග විදේශ සංචරයට එක්විම යනු බළලා හෝ බැළලිය මල්ලෙන් එළියටපැනිමක් විය.

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් මෙන්ම අමාත්‍ය පාටලී චම්පික රණවක ද බොහෝ විධග්ධ භාෂාවෙන් රට ඇමතීය. ඔවුන් කියා සිටියේ රටේ පවත්නා පවත්නා තත්වය ගැන තමන් තුල කිසිදු පැහැදිමක් නැති බවය. නිරවුල් විය යුතු කරුණු බොහෝය. එහෙත් ඔවුන් විධායක ජනාධිපති ක‍්‍රමය ගැන කතා නොකරයි. පොදු අපේක්‍ෂකයා ගැන කතා නොකරයි. විශේෂයෙන් අතුරලියේ රතන හිමියන් කියා සිටියේ තමන් දැඩි අවධධරණය කිරීම්හී යෙදුනද පංචස්කන්ධයක් පිළිබඳ තමන්ට ප‍්‍රශ්නයක් නැති බවය. ඒ ටික පිටවෙනවා සමගම ලංකාවටම බකස් ගා සිනහ පහළ විය. හෙවත් එව මහන කී වහා සංසාරය කෙටි වුනා සේම අතුරලියේ රතන සූත‍්‍රය අවබෝධ කර ගත්හ. හෙවත් මොනවා කිවත් මහින්ද රාජපක්‍ෂට එරෙහිව කතා කරන්නේ නැති බවය. එසේම මහින්ද රාජපක්‍ෂට එරෙහිව අත තියන්ට දෙන්නේ නැති බවය. ඒ න්‍යාය පත‍්‍රය තුල පොලිස් දෙපාර්තමේන්තුවේ කඩා වැටිම ගැන කිසිවක් නොකිමට රතන හාමුදුරුවෝ ප‍්‍රවේසම් වූ බවකි. රතුපස්වල කටුනායක හලාවත ඝාතන මෙන්ම පොලිසිය චාරයක් නැතිව මිනිසුන්ට ගිනි බිඳීම වැනි දේ එකී විවේන වලට අඩංගු නැත. හෙවත් ජාතික හෙළ උරුමය අපේක්‍ෂා කරන පිවිතුරු හෙටක් තුල පොලිසිය සල්ලන් වුනාට කමක් නැත. මිනි මරා ස්තීී‍්‍රන් දූෂණය කර පොලිසිය අධීකරණයට භාර කළ චුදියන් නිතිපතිට ඇති බලය අනුව නඩු නො අසා ගෙදර යැවිම ගැන ජාතික හෙළ උරුමය විස්සෝප වන්නේ නැත. තත්වය මෙසේ තිබියදිත් පූජ්‍ය මාදුලුවාවේ සෝබිත ස්වාමින් වහන්සේ අමාත්‍ය විමල් විරවංශ බැහැ දුටහ. එතතුමන් සාධාරණ සමාජයක් වැඩ සටහන ගැන කළ විග‍්‍රහය ගැන බොහෝ එක`ගතාවන් දැක්වුවද පොදු අපේක්‍ෂකයා ගැන කිසිවක් කතා නොකළ බව මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ සිය`ථ කාරණා සමග ජාතික හෙළ උරුමය සමග රනිල් වික‍්‍රමසිංහ මහතා එකගතාවයකට පත් වුනා කියන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමට තුන් සිතකින් හෝ කැමති නැති බවය.

එක්සත් ජාතික පක්‍ෂය වැටුණේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසාය. මේ තරම් රටෙන් බැනුම් අසන්නේත්, පසුබා සිටින්නේත් ඒ පාප කර්මය නිසාය. මු`ථ රටම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු යයි පෙළ ගැසෙන විට එජාප නායකයා සජිත් පේ‍්‍රමදාස සහ හෙළ උරුමයට මැදිවී විධායක ජනාධිපති ක‍්‍රමය රකින්නට සැරසෙන හැටියකි. එසේම ජාතික හෙළ උරුමයේ පිවිතුරු හෙට සිහිපත් කකරන්නේ බුුද්ධ කාලයේ කතාවකි. එක්තරා භික්‍ෂුවකට පවිත‍්‍ර රෙදිකඩක් අත තැබූ බුදුන් වහන්සේ හිර පාලන මොහොතේ සිට රජෝ හරණං යනුවෙන් එය ස්පර්ශ කරන ලෙස උපදෙස් දී ඇත. යම් වෙලාවක් ගෙවුන පසුව අතෙහි දහදිය සහ සුළ`ග හරහා පැමිණි දූවිලි මිශ‍්‍රව එකී රෙදිකඩ අපවිත‍්‍රව ඇත. එය අරමුණු කරගත් භික්‍ෂුව කෙලසුන් නසා රහත් වූ බව පතපොතේ දැක්වේ. ඒ කතාව අනුව ජාතික හෙළ උරුමයට මේ ආණ්ඩුවේ අත ගාන්න දෙයක් නැත. එය මු`ථමනින්ම කඩ මාල්ලකි. මේ කියන පිවිතුරු හෙට යනු අතීසාර යහපතට ගසන අමුඩයක් මිස රටේ එළන දෙයක් නොවේ.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි