Featured Articles, Features, Jaffna

යාපනයේ තිලීපන් ස්මාරකය උදුරා දමයි..


ස්මාරකය බිඳදමා අති අයුරු

යාපනයේ නල්ලුර් කොවිල අසල ඉදිකොට තිබූ ‛තිලීපන්’සැමරීම සඳහා වූ ස්මාරකය පසුගිය මැතිවරණ සමයේ විනාශ කර ඇත. ඉන්දුලංකා ගිවිසුමටත්, ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණිම සම්බන්ධයෙනුත් තමන්ගේ විරෝධයත් සහ ඉන්දියන් හමුදාවට ඉල්ලීම් හයක් ඉදිරිපත්කරමින් , කිසිදු ආහාරයක් හෝ වතුර උගුරක් හෝ නොගෙන දින එකොලහක් උපවාස කරමින් තිලීපන් මිය ගියා ය. ඒ වන විට තිලීපන් එල්ටීටීඊ දේශපාලන අංශයේ නායකයෙකි. ඔහු සැමරීම සඳහා මෙම ස්මාරකය ඉදිකොට තිබිණි.

කෙසේ වෙතත් අද වන විට මෙම ස්මාරකය කඩා බිඳ දමා ඇත. තිලීපන් එල්ටීටීඊ දේ්ශපාලන අංශයේ නායකයෙකි. ඔහු උපාවාසයේදීම මියා ගියා ය. නමුත් මේවන විට එල්ටීටීඊ සංවිධානය ද යුදමය වශයෙන් මියගොස්ය. නමුත් එල්ටීටීඊ සංවිධානයේ යුධමය අංශයේ නායකයන් වූ පිලෙයාන් හෙවත් නැගෙණහිර මහ ඇමතිවරායා සහ වර්තමාන ජාතික ලැයිස්තු මංත්‍රීධුරයක් හිමිව ඇති කරුණා අම්මාන් තවමත් මිනිසුන් අතර ය. රාජ්‍ය ආරක්ෂාව යටතේ මිනිසුන් අතර ය.

එල්ටීටීඊයේ මිල්ටරි නායකයන් රාජ්‍ය ආරක්ෂාව යටතේ සුඛවිහරණ ලබන විට, දේශපාලන අදහසක් සම්බන්ධව උපවාසයක් ආරම්භකරමින් තමන්ගේ විරෝධය පළකරමින් මියගිය තිලීපන්ගේ අප්‍රාණික සිහිවටනය රාජ්‍ය ආරක්ෂාව යටතේ ඇති යාපනය නගරයේදී බිද දමන්නේ කෙසේ ? කවුරුන්ද?

නමුත් ඇසිය යුතු ප්‍රශ්ණයක් ඇත. පිල්ලෙයාන්ට සහ කරුණා අම්මාන්ට වඩා තිලීපන් එල්ටීටීඊ වන්නේ කෙසේ ද? නැතිනම් ත්‍රස්තවාදී වන්නේ කෙසේ ද?