ලංකාව තුළ බලය බෙදා හදා ගැනීමේ ක්‍රියාවළිය වඩා ඵලදායක මෙන්ම එය වඩා සාර්ථක තත්ත්වයකට ගෙන ඒමට නම් ඉදිරියේදී ගෙන එනු ලබන නව ව්‍යවස්ථාව තුළ ආර්ථික සහ සමාජ සාධාරණත්වය ව්‍යවස්ථාවෙන් තහවරු විය යුතු බව මහජන ව්‍යවස්ථාවක් සඳහා ක්‍රියාකාරිත්වය පවසයි.

එහි දී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පශ්චාත් යුද සමය තුළ ලංකාවට අවශ්‍යවන්නේ ‘යුක්තිය සමග සාමයක්‘ බවත්, එබැවින් යෝජිත නව ව්‍යවසථාව ‘ජීවිතය‘ උදෙසා ව්‍යවස්ථාවක් මිසක් ‘ප්‍රාග්ධනය‘ සහ ‘ස්වාභාවික සම්පත් කොල්ලකෑමට‘ පහසුකම් සැලසෙන ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් මහජන ව්‍යවස්ථාවක් සඳහා ක්‍රියාකාරිත්වය වැඩිදුරටත් පෙන්වා දෙයි. ඔවුන් විසින් බෙදාහැරි අත්පත්‍රිකාවත වැඩිදුටත් මෙසේ සදහන් වෙයි.

‘‘යුක්තිය සහිත සාමයක් සහ දේශපාලන හා ආර්ථික සාධාරණත්වය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා බලයබෙදා හැරිමක් සදහා නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ඓතිහාසික අවස්ථාවක් සපයා ඇත. ජනකොටස් අතරත්, කලාපීය වශයෙනුත් ආර්ථික අසමානතාවයන් දිනෙන් දින වැඩිවෙමින් තිබේ. සෞඛ්‍ය සේවාවන්, අධ්‍යාපනය සහ සමාජ සුභසාධන සේවා දුර්වල වෙමින් පවතින අතර ස්වාභාවික සම්පත් විනාශ වෙමින් පවතී. මෙය දුප්පත්කමත්, ජනතාවගේ පීිඩාවනුත් වැඩි කිරිමට හේතු වන අතර, ඒ නිසාම අපගේ යහපැවැත්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාමය අනතුරේ හෙලා ඇත. ප‍්‍රාග්ධනය නොව ජනතාව උදෙසා වන ආර්ථිකයක් නිර්මාණය කිරිමටත්, ආර්ථික හා සමාජ සාධාරණත්වය වර්ධනය කරලීමටත් නව ව්‍යවස්ථාව ජනතාව බලසතු කළ යුතුය.‘‘

අද(20) රටතුල ක්‍රියාත්මක සිවිල් සංවිධාන ගණනාවක් සහ විවිධ ප්‍රදේශවලින් පැමිණී සිංහල, දෙමළ, මුස්ලිම් දහසකට ආසන්න පිරිසක් කොළඹ විහාරමහා දේවී එළිමහන් රංගපීඨයට රැස්වී අනතුරුව අරලියගහ මන්දීරය දක්වා පා ගමනින් ගොස් අගමැති කාර්යාලයට සංදේශයක්ද බාර දෙමින් නව ව්‍යවස්ථාවෙන් ඔවුන්ගේ ඉල්ලීම් තහවරු කරන ලෙස බලකර සිටියේ ය.

පහත පළවන්නේ එම අවස්ථාවේ ඡායාරෑප කිහිපයකි.

imag5147

1

2

3

4