Colombo, Poems

මොන තරම් සැපයක් ද සැබෑවක් වේ නම්

mayan_calendar_2012-wallpaper-2560x1600

මායා වරුන්ගේ මායාව

සැබෑවක් වේ නම්

මොන තරම් සැපයක් ද

භේදයක් නැතිව

එකට නින්දට යන්න

|

කළුවර විසින් දක්කන

ඉර ගිලෙන බටහිර

පසු දා අරන් පෙරමුණ

දනී මතුවන පෙර දිගින් නව ඉර

|

එන්නට හිතුණෙ නැති නම්

ගිල්වන්න අඳුරෙ හැකි නම්

නපුර පරදා ලබන ජය නම්

වේය නිර්වානෙ ලබන මනරම්

|

ඇති වී පැවත නැති වීම

අලුතින් යමක් එක් වීම

කියන්නට හදන පාඩම

නිමා කළ හැකි ද හැමටම

|

මැරී මැරී වමාරන

අසමාන බරවා ජීවිත

කුසට අහරක් නැතුව

ශාපයෙන් වැළලෙන

|

කොල්ල කා ගත් මහා

නිදන් ධන සාගරය

බෙදා ගන්නට සිතක් නැති

ලෝකය කුමට දකිනා මේ දෑස

|

හැකිනම් හැමට යන්නට

චාරිකාවකි නොඑන්නට

දුකක් නොමැතිව විඳින්නට

මරණය සමානව ලබන්නට

|

සැබෑවක් වේ නම්

මොන තරම් සැපයක් ද

භේදයක් නැතිව

එකට නින්දට යන්න

Udaya R. Tennakoon 100උදය ආර්. තෙන්නකෝන්