Ampara, සිංහල, Human Security, Life quips, Media

සුලි කුණාටුවෙන් 2දෙනකු මියගොස් 4 දෙනකු තුවාල ලබයි.

වෝඩ් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ(14) රාත්‍රියේ නැගෙණහිර පළාතට ඇදවැටුනු වර්ෂාව සහ සුළග නිසා කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම කාළගුනික තත්ත්වය හේතුවෙන් අකුණු සැර වැදීමෙන් අම්පාර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මුස්ලිම් තරුණියක් හා සිය නිවෙස් බිත්තියක් කඩා වැටීම නිසා 22 හැවිරිදි සිංහල තරැණියක් ද මියගියාය.
මෙයට අමතරව ගස් සහ විදුලි රැහැන් කඩා වැටීමෙන් නිවාස සහ දේපල රුසකටද හනි සිදු වී ඇතැයි එම වාර්තා වැඩි දුරටත් පවසයි. අම්පාර, කල්මුණේ, මාවඩිපල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය ද ඇණ හිටි අතර අද උදෑසන වන විට අම්පාර ප්‍රධාන මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී ඇත.