Image: Vikalpa file | Kokilai, Mulathive, September 2013

වසර 25කට පසුව උතුරැ පළාත සදහා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය එළැබෙන සැප්තැම්බර් 21 දා පැවැත්වෙන අතර මේ වනවිට එම මැතිවරණය සදහා ඡන්ද දායකයින් 714,488ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. යුද්ධයෙන් වසර 4ක පසුව පැවැත්වෙන මෙම මැතිවරණය දෙමළ ජනතාවගේ දේශපාලනය පිළිබදව නව මානයක් ඇතැම්විට මතුවීමට නියමිතව ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

එසේම මේ වනවිට උතුරැ පළාත් සභාව වෙනුවෙන් තරග කරන ප්‍රධාන දේශපාලන ව්‍යාපාරයක් වන දෙමළ ජාතික සංධානය නිකුත් කර ඇති මැතිවරණ ප්‍රකාශණය පිළිබදව උණූසුම් දේශපාලන සංවාද මතු වෙමින් තිබේ. එවැනි සුවිශේෂී තත්ත්වයන් යටතේ පවත්වන මෙම මැතිවරණය පිළිබදව පිළිබදව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ ඒකකය වන සෝෂීයල් ඉන්ඩිකේටර් ආයතනය විසින් එම මැතිවරණය පිළිබදව මත විමසුමක් සිදු කර තිබේ.

එම මත විමසුමට අනුව ‘‘ප‍්‍රතිචාරකයන් බොහෝමයක්ම එළඹෙන මැතිවරණය පිළිබඳව සුභවාදී වන බව පෙනී යන අතර ඔවුන්ගෙන් 34.2%ක් උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ වනු ඇති බව විශ්වාස කරති. 24% ක් කියා සිටින්නේ මැතිවරණ ඇතැම් විට නිදහස් හා සාධාරණ වනු ඇති බවයි. ප‍්‍රතිචාරකයන් 34%ක ගේ පමණ විශ්වාසය වී ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය(TNA) විසින් මැතිවරණය ජයගනු ඇති බව වන අතර 21.7% ක් එක්සත් ජනතා නිදහස් සංධානය(UPFA) ජයගනු ඇතැයි විශ්වාස කරති.” යනුවෙන් එම වාර්තාව සදහන් කරයි.

මෙ එම සම්පූර්ණ වාර්තාවයි,

[@Ground views.org]

NPC Election Survey Report – Sinhala by Sampath Samarakoon

එම මත විමසුමේ සම්පූර්ණ වාර්තා සදහා පහත link වෙත පිවි‍සෙන්න

Read online in ,Sinhala, Tamil or English