ඡායාරෑපය – ජෙරාඞ් මර්වින් පෙරේරා

කොළඹ වරාය නැව් තටාංගන අංශයේ අරක්කැමියෙකු ලෙස සේවය කළ වත්තල, මාකේවිට පදිංචිව සිටි තිදරු පියෙකු වූ ජෙරාඞ් මර්වින් පෙරේරා මහතා බස් රථයක ගමන් කරමින් සිටිය දී 2004 වසරේ නොවැම්බර් මාසයේ දී කෲර ලෙස වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව නඩුව 2005 වසරේ සිට මීගමුව මහාධිකරණයේ විභාග වූ අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය ජුනි 22 වන දින එම නඩුවේ තීන්දුව ප‍්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු එම්.එසෙඞ්.එම්. රාශීන් මහතා ජෙරාඞ් ඝාතනයේ සැකකරුවන් වූ අදාල පොලිස් නිලධාරීයා ඇතුලූ තවත් අයෙක් වරදකරුවන් කරමින් මරණ දඩුවම නියම කරන ලදී.

මෙසේ මරණ දඩුවම නියම වූයේ එවකට වත්තල පොලීසියේ අපරාධ අංශයට අනුයුක්තව කටයුතු කළ තංගල්ල, කදුරුපොකුනේ පදිංචිකරුවෙකු වූ හිටපු පොලීස් පරීක්ෂක සුරේෂ් ගුණසේන හා වත්තල, හුණුපිටියේ පදිංචි පී.ආර්.අජිත් නිශාන්ත නැමැත්තායි.

2002 වසරේ සිදුවූ ති‍්‍රපුද්ගල ඝාතනයක් සම්බන්ධව වැරදි තොරතුරක් මත අත්අඩංගුවට ගන්නා ජෙරාඞ් මර්වින් මහතාට වත්තල පොලීසියේ දී ඉතා අමානුෂික පහර දීමකට ලක්වන අතර, ඒ හේතුවෙන් ඔහු මාරාන්තික ලෙස රෝගාතූරව දින 19ක් සිහිසුන්ව දැඩි සත්කාර එකකයේ ප‍්‍රතිකාර ලබා ගැනීමට පවා සිදු විය. පසුව ඔහු එම පහර දීමට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර, එම පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජෙරාඞ් මහතාගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බව පිළිගෙන ඔහුට රුපියල් ලක්ෂ 15කට ආසන්න වූ වන්දි මුදලක් ප‍්‍රදානය කළ අතර, මෙම පහරදීමට එරෙහිව 1994 අංක 22 දරණ කෲර වධහිංසාව හා අවමන්සහගත සැලකීමට එරෙහි පනත යටතේ නඩු පවරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝගයක්ද ලබා දී තිබුනි.

ඒ අනුව 2003 වසරේ දී වධහිංසාවට එරෙහි ඉහත පනත යටතේ එවකට වත්තල පොලීසියේ සේවය කළ ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුලූව තවත් පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුනි. මෙම නඩුව මීගමුව මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන අවධියේ 2004 දෙසැම්බර් 02 වන දින ජෙරාඞ් මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමට ප‍්‍රථම 2004 නොවැම්බර් 21 වන දින ජෙරාඞ් මහතා රැුකියාවට යමින් සිටිය දී ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ඔහු ගමන් ගත් බස් රථය තුලදී ජෙරාඞ් මහතා වෙඩි තබා ඝාතනය කර තිබුනි.

පොලිස් නිලධාරීන්ට එරෙහිව පවරා ඇති වධහිංසා කිරීමේ නඩුවෙන් බේරීමට ඇති එකම ක‍්‍රමය ජෙරාඞ්ගේ සාක්ෂිය අධිකරණයට ලබා දීම වැළැක්වීම මත පමණක් බවට අදාල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකු ලබා දුන් උපදෙස් ඉහත සුරේෂ් ගුණසේන නැමැති පොලීස් පරීක්ෂකවරයා වත්තල ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකු සමග පැමිණ රුපියල් ලක්ෂ 3කට සාමදානයට පැමිණීමට කිහිප විටක්ම උත්සාහ ගැනීමෙන් අනතුරුව එය අසාර්ථක වූ තැන ජෙරාඞ් මහතා ඝාතනය කිරීමට තීරණය ගෙන ඇති බවට වාර්තා විය.

ඉහත පොලිස් නිලධාරීන්ගේ නීතිඥයා පැවසූ ආකාරයටම ජෙරාඞ් මහතාට කෲර ලෙස පහර දීමට එරෙහිව පැවති නඩුව අධිකරණය ඉදිරියේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නොහැකි වීම නිසා, එම නඩුවේ විත්තිකාර පොලිස් නිලධාරීන් 6 දෙනාම එවකට සිටි මීගමුව මහාධිකරණ විනිසුරුවරිය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

නමුත් එම තීන්දුව නොපිළිගත් ජෙරාඞ් ගේ බිරිද හා මෙම නඩුව සම්බන්ධව විශාල අවධානයක් යොමු කර සිටි ආසියානු මානව හිමිකම් කොමිසම එමෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, ගම්පහ පුරවැසි කමිටුව ඇතුලූව ඒ හා සම්බන්ධව කටයුතු කරනු ලබන තවත් මානව හිමිකම් සංවිධාන ගණනාවකගේ මැදිහත් වීම මත ඉහත නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනයක් ගොනු කරනු ලැබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් පසුව 1 වැනි, 2 වැනි, 3 වැනි සහ 4 වැනි විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කිරීම අවලංගු කර නැවත නඩුවිභාගයක් පවත්වන ලෙස අභියාචනාධිකරණය විසින් තීන්දු කරනු ලැබීය.

එම අභියාචනාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් ඉහත මරණ දඩුවම ලක් වු පොලිස් නිලධාරී සුරේෂ් ගුණසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරු අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය තහවුරු කරමින්, අදාල විත්තිකරුවන්ට එරෙහිව නඩුව වහාම විභාගයට ගන්නා ලෙසත් දැනටමත් මේ නඩුව ස`දහා විශාල කාලයක් ගෙන ඇති නිසා පසුගිය දෙසැම්බර් මාසයට ප‍්‍රථම එම නඩුව අසා අවසන් කරන ලෙසත්, නීතිපති විසින් මෙම නඩුව සදහා මුලින්ම විත්තිකරුවන් කර තිබු වත්තල පොලිස් ස්ථානාධිපති හා ඇතුලූව තවත් අයෙක් එම නඩුව සදහා ඇතුලත් කරන ලෙසත් නියෝග කරන ලදී.

එම නියෝගය අනුව ජෙරාඞ් මහතාට කෲර ලෙස වධහිංසා පැනවීමට එරෙහිව නැවත නඩු විභාගය මීගමුව මහාධිකරණයේ දී වෙනත් විනිසුරුවෙකුගේ මූලිකත්වයෙන් ආරම්භ වූ නමුත් දෙසැම්බර් මාසය පසු වී මේ වන විට මාස 6 ක් ගතව ඇතත් තවමත් එම නඩු විභාගය අවසන්ව නැත.

ඒ කෙසේ නමුත් 2004 නොවැම්බර් 21 වන දින ජෙරාඞ් ඝාතනය කර මේ වන විට දස වසරකුත් ඉක්ම ගොස් 11 වසරට පා තබන මොහොතේ, කිසිසේත් පිළිගත නොහැකි ආකාරයෙන් විශාල ප‍්‍රමාදයක් මත හෝ ජෙරාඞ් ගේ ඝාතනය සම්බන්ධව යුක්තියක් ඉටු වීම මානව හිමිකම් කි‍්‍රයාකාරීන් ලෙස අප ලැබූ ජයග‍්‍රහණයක් ලෙස සැලකිය යුතුය.

*බිය ගැන්වීම්, අධෛර්යමත් කිරීම්, කළකිරීම්, ආර්ථික අපහසුතා ඇතුලූ විවිධ දුෂ්කරතා මධ්‍යයේ, දරු තිදෙනා සමග විශාල කැපවීමකින් හා අධිෂ්ඨනයකින් යුතුව ජෙරාඞ් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කළ ජෙරාඞ් ගේ ආදරණීය බිරිද වන පද්මා වික‍්‍රමරත්න මහත්මියත්, එමෙන්ම ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ බැසිල් ප‍්‍රනාන්දු හා නීතිඥ රසීක් සංජීව, නීතිඥ රංජන් මෙන්ඩිස් ඇතුලූ නීතිඥ මහත්ම මහත්මීන් හා වධහිංසාවට එරෙහි ජන සංධානයේ සහෝදර සංවිධාන ඇතුලූ විවිධාකාරයෙන් මේ සම්බන්ධව කටයුතු කළ සංවිධාන හා පුද්ගලයන් මේ අවස්ථාවේ අප ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

Philipeපිලිප් දිසානායක | Philip Dissanayake
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය