iMAGE: Vikalpa/ Ishara Danaseakara 

“අත්තඩංගුවට ගන්නවා තමුසේව, ඒ ඉස්සර දැන් බෑ, ගන්නවා මෙයාව ගන්නවා “

” අනේ එහෙම කතා කරන්ඩ එපා සර් “

“යනවා මිනිහෝ යනවා, තල්ලු කරලා දානව මුන්ව”

ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හා කපා හැරීම තවදුරටත් නොකිරීම හේතුවෙන් හා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් කාන්තාවන් රවටා අනිසි පොළී අනුපාතයන්ට ණය නැවත අයකර ගැනීමේ  අත්තොනෝමතික ක්‍රියාවලියට විරෝධය පළ කරමින් පොලොන්නරුව, මහනුවර, ගාල්ල, ත්‍රිකුණාමලය, මුලතිව්, අනුරාධපුරය ඇතුලු  දිස්ත්‍රික්ක 14 ක ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තාවන් එකමුතුව සංවිධානය කළ විරෝධතා  අද කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ආරම්භ කොට, ඉන් පසුව  ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් සාමකාමිව පැමිණිමෙන් තිබුණි.

කෙසේවෙතත් කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට දෙසට පැමිණෙමින් සිටි පිරිස ඉදිරිපිටට පැමිණි  විශාල පොලිස් කණ්ඩායමක් විසින්  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සාමකාමිව තම විරෝධතාව පැවැත්වීමට ඉඩ ඉල්ලු මේ පිරිසට ඒ සඳහා ඉඩ නොදෙමින් බැන තර්ජනය කරන ලද්දේ  “අත්තඩංගුවට ගන්නවා” යනුවෙන් පවසමිනි.

https://www.facebook.com/Vikalpasrilanka/videos/487797898562366/

 

විශේෂයෙන්ම ඇතැම් කාන්තාවන් විසින් “අනේ එහෙම කතා කරන්ඩ එපා සර් ”  යනුවෙන් එක්තරා නිලධාරියෙකු වෙත බැගෑපත් වෙමින් කියා සිටියදී ඉතාම නින්දිත ආකාරයෙන්, මහජන සේවය වෙනුවෙන් සිටින මේ කාකි නිල ඇඳුම් මත තරු දරන නිලධාරින් මිනිසුන් එළවා දැමුවේ“යනවා මිනිහෝ යනවා, තල්ලු කරලා දානව මුන්ව” යනුවෙනි. විශේෂයෙන්ම ප්‍රජාතාන්ත්‍රික රටක මහජනයාට විරෝධය පළ කිරීම ඇති අයිතිය මුළුමනින්ම අහෝසි කරමින් “උද්ඝෝෂණ ස්ථානය” (Demonstration Site)  නැමති අරුමෝසම් නාම පුවරුව ගසා ඇති  මුඩු භුමිය වෙත ගිනි මද්දහනේ මේ ජනයා ගාල් කරන්නට දැරූ  ඒ තැත නිර්ලජ්ජිතය.

 

ඉතා අවාසනාවන්ත ලෙස ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් මේ වන විට 200 කට ආසන්න වූ පිරිසක් සිය දිවී හානි කොට තිබෙන අතර ක්ෂුද්‍ර මුල්‍ය ණය ප්‍රශ්නයේ ගොදුරු බවට ග්‍රාමීය, අඩු ආදායම් සහිත පවුල් ගණනාවක්ම මේ වන විටත් පත් වී තිබේ . පසුගිය කාලය පුරාත්, ජනාධිපතිවරණයට පෙරත් ඒ සදහා වූ කෙට් කාලීන හා දිගු කාලීන විසදුම් සහිත යොජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත මේ එකමුතුව විසින් ලබා දුන් අතර එයින් දැන් එක් අපේක්ෂකයෙක් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී මාස 3 කට ආසන්න කාලයක් ගත වී තිබේ.

ඔහු පොරොන්එදු වූ පරිදි බලයට පත් වු වහාම කඩිනම් ලෙස ක්‍රියාත්මක කිරිමට ලබා දෙන බවට වූ පොරොන්දු කිසිවක් මෙතෙක් තවමත් ක්‍රියාත්මක නැති වී ඇතුවා පමණක් නොව දැන් වඩාම ත්‍රාසයජනක කාරණය නම් ඒ සඳහා විසදුම් ඉල්ලන ජනයාට එය පළ කිරීම සඳහා වන  ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද, නිදහසද, අවකාශය ද දැන් උල්ලංඝණය වී ඇති බව අද නියම වශයෙන් පැහැදිලි වීමය. 

මෙහිදී “අත්තඩංගුවට ගන්නවා තමුසේව, ඒ ඉස්සර දැන් බෑ, ගන්නවා මෙයාව ගන්නවා “

යනුවෙන් පොලිසිය විසින් දිගින්ක දිගටම කළ තර්ජනය ලක් වූ චින්තක රාජපක්ෂ,  විකල්ප වෙබ් අඩවිය වෙත සජිවව සම්බන්ධ වෙමින් තම අදහස් පළ කරමින් කියා සිටියේ

“අපි උද්ඝෝෂණ ස්ථානය පිළිගන්නේ නෑ. මේ මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්නය යට ගහන්න නිල ඇදුමේ බලය පාවිච්චි කරන නින්දිත ක්‍රියාවලිය අපි තරයේ හෙළා දකිනවා ” ලෙසය

https://www.facebook.com/Vikalpasrilanka/videos/2782779415282563/

 

69 ලක්ෂයක් වූ තමන්ගේ  ජන්ද දායකයින්ම පාරේ පෙරළ පෙරළා තල්ලු කර දමන්නට දැන් පාලකයෝ නිලධාරින් හසුරුවමින සිටීමත් , මේ ජනතාවගේ ජිවන රගලයට පිළියම් නොකර මහා මග අරගල දිය කර හැරීමට දරන සියුම් උත්සාහයත් අද දින හොදින්ම මෙහිලා පැහැදිලි වූ අතර උද්ඝෝෂණ ස්ථානය ප්‍රතික්ෂේප කරන මජනයාට දැන් ලැබෙන්නේ  ගුටි බැට මිස ගැටලුවට විසඳුමක් නොවේ යන්න කිව යුතු නොවේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නිසි ක්‍රමවේදයක් ස්ථාපිත නොකර, මෙකි මුල්‍ය ආයතන කිසිදු විධිමත් පාලනයකින් පවත්වා නොගනිමින් තම ඡන්ද ව්‍යාපාර වලට කෝටි ප්‍රකෝටි මුදල් දෙන මේ ජාවාරම්කාර මුල්‍ය ආයතන රකින ආණ්ඩුව ඒ වෙනුවෙන් විරෝධය පළ කරමින් පාරට බහින මේ අහිංසක මිනිසුන්ට තරවටු කරමින් හදන්නට යන “මහජනයාට අවහිර නොවෙන විනය ගරුක රට”  මොකක්ද යන්න නම් ප්‍රශ්නයකි. එය උත්කෘෂ්ටයට නගන්නට වෙර දරන ඇතැම්හු ද එහෙයින් කොළඹ  ට්‍රැපික් එකේ යන ගමන් ඔබ දකින ලෝකයට එපිටින් මිනිසුන් දැකිය යුතුව ඇත්තේ එහෙයිනි.

සම්පුර්ණ ඡායාරූප එකතුව සඳහා පිවිසෙන්න

https://www.facebook.com/media/set/?set=a.10158010029289806&type=3