සිංහල, Economic issues, Features, Life quips, Moneragala

භූමිතෙල් සහණාධාරයක් දෙන්න..වැල්ලවායේ ගොවීහු ඉල්ලති.


වැල්ලවාය කිරිඳිඟගේ ජලය ලබා ගනිමින් එළවඑ වගාවේ නිරත ගොවීහු තමන්ට භූමිතෙල් සහණාධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති. මෙසේ මෙම සහණාධාර ඉල්ලා සිටින්නේ වතුර මෝටර් මගින් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන ගොවීන්ය.

කෙසේ වෙතත් භූමිතෙල් මිළ අධික නිසා මේවන විට විශාල ගොවීන් පිරිසක් තම ගොවිතැන අතහැර තිබේ. සතියකට තුන් හතර වතාවක් සිය එළවඑ කොටුවලට මෝටර් මඟින් ජලය සැපයිය යුතු වීමත්, එම නිසා මසකට භූමිතෙල්වලට රුපියල් දහස් ගණනක් වැය කරන්නට සිදුවීමෙන් වන අධික වියදම නිසා ගොවීන් බෙහොමයක් තම ගොවිතැනින් ඈත් වී ඇති බවට වාර්තා වේ.

මේ පිළිබඳව ‛විකල්ප’ වෙබ් අඩවිය සමඟ අදහස් දැක්වූ තෙඑල්ල ප්‍රදේශයේ ගොවි මහතෙකු වන එම්. කේ. අමරදාස(49) මහතා,

‛‛මේ ප්‍රදේශයේ විශාල පිරිසකගේ ප්‍රධාන ආදායම් මාර්ගය එළවඑ වගාවයි. කිරිඳි ඟගේ වතුර මෝටර්වලින් අරගෙනයි මේ වගාව කරගෙන යන්නේ. අද භූමිතෙල් මිළ ඉතාමත් ඉහළ මට්ටමක පවතින්නේ. ඒක නිසා මෝටර්වලින් වතුර ගහලා එළවඑ වවලා ලාභ ගන්න බෑ’’

මේ පිළිබද වැඩිදුර අදහස් දැක්වූ කේ. ඇම්. පොඩිමහත්තයා(51)මහතා
‛‛එලවඑ වගාවෙන් ප්‍රදේශයේ ආර්ථිකයට මහත් සහනයක් ලැබෙනවා. ඒ නිසා රජය මේ ගොවීන්ට භූමිතෙල් සහනයක් දිය යුතුයි.

ගොවීන්ගේ මේ ප්‍රශ්ණය පිළිබදව වඩාත් උනන්දු වන හිටපු පළාත් සභා මංත්‍රීවරයෙකු වන සුනිල් ආනන්ද මහතා අදහස් දක්වමින්
‛‛මොණරාගල දිස්ත්‍රික්කයේ ආර්ථිකයට එළවඑ වගාවෙන් සුවිශේෂ තත්වයක් ලැබෙනවා. භූමිතෙල් මිළ ඉහළ නිසා ඒ තත්වය නැති වී ගිහින් තියනවා. ඒ නිසා රජය කඩිනමින් සහන මිළට භුමිතෙල් සැපයීමට පියවර ගත යුතුයි.’’

වැල්ලවායේ දඹේගොඩ ජිනදාස
Pic by INTERNET