Ampara, සිංහල, Democracy, Education

පෝෂණ මල්ල සැපයූ දෙමාපියන් කබලෙන් ලිපට

’‛දැයේ දරුවන්ට පෝෂණය’’ යන මහින්ද චින්තන වැඩ පිළිවෙල යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පැසැල් දරුවන්ට ලබා දෙන පෝෂණ අහාර වේල සැපයූ දෙමාපියන්ට මාස තුනකින් මුදල් ලබාදී නොමැති බව වාර්ථාවේ. අප මේ පිළිබඳව අම්පාර අධ්‍යාපන කොට්ඨාශයෙන් විමසූ විට එහි නිළධාරියෙක් පැවසුවේ මහභාණ්ඩාගාරය මේ වෙනුවෙන් ලැබිය යුතු මුදල් තවමත් තමන්වෙත එවා නොමැති නිසා තමන්ට මුදල් ගෙවිමට නොහැකි බවයි. අම්පාර කලාප අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයා පැවසූවේ ලක්ෂ පහක පමණ මුදලක් මහභාණ්ඩාගාරයෙන් තමන් වෙත ලැබී තිබුනද එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. පසුගිය මාස තුනේ මුදල‛ ගෙවිමට රුපියල් ලක්ෂ 40 පමණ අවශවේතැයිද ඔහු පවසා සිටියා.
ඹහින්ද චින්තනය යටතේ දුෂ්කර ප්‍රදේශවල පාසැල් දරුවන්ගේ පෝෂණය නඟාසිටුවීම සඳහා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට පොරාන්දු වුනි. එය ක්‍රියාවට නගමින් පාසැල් දරුවන්ට වට්ටෝරු දහයක් යටතේ පෝෂණ ආහාර ලබාදීමට තීරණය වූ අතර එහිදී එම අහාර සැපයීමේ කොන්ත්‍රත්තුව පැවරුනේ එම දරුවන්ගේම දෙමාපියන්ටය. එයිනුත් දරුවන්ගේ දෙමාපියන් අතර සිටින සමෘද්ධිලාභීන් මෙම ආහාර කොන්ත්‍රාත්තුව ලැබීමට සුදුස්සන් වූහ. කළට වේලාවට මුදල් නොලැබිම නිසා මෙම දෙමාපියන් අන්තෝජටා බහී ජටා තත්ත්වයකට පත්වි සිටින්නේය. මුදල් නොලැබිම නිසා අහාර සැපයීමට නොහැකි කමත් තමන්ගේම දරුවන් නිසා එය නොකර සිටිය නොහැකි තත්ත්වයටත් ඔවුන් පත්වී තිබේ. මේ දිනවල මුදල් ලබා ගැනීම සඳහා ඔවුන් නිතර අම්පාර අධ්‍යාපන කාර්යාලයට පැමිණ රස්තයාදු වන බවත් සඳහන් වේ.