සිංහල, Democracy, Human Security, IDPs and refugees, Vauniya

(අ) සහන කඳවුරට ගංවතුර…!

IDP Camp 1 පෙරේදා ඇද හැලුනු ධාරානිපාත වැසිවලින් පසුව වව්නියාවේ මැණික්ෆාම් හි පිහිටි සහන කඳවුරු සංකීර්ණයේ කලාප අංක 4 හා 5 ජලයෙන් යටවී ඇති බව විකල්ප වෙත වාර්ථා වේ. මේ හේතුවෙන් 15,000 පමණ ජනතාවක් දැනට අවතැන් කඳවුරෙනුත් අවතැන්ව සිටින බව වාර්ථාවේ. ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයත් සමග කඳවුරේ අපවාහන පද්ධතියද පිටාර ගැලීමට පටන් ගෙන ඇති නිසා ලෙඩ රෝග පැතීරීමේ අවධානමක් ද ඇති වි තිබේ. කඳවුරේ මෙන්ම එයට පිවිසෙන මාර්ගයන්ද වැසි තත්ත්වය හේතුවෙන් මඩවීම නිසා අත්‍යාවශ්‍ය සේවාවන්ටද එහි ලගාවිය නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇත.
ලක්ෂ 300,000 පමණ වන ජනතාවක් රඳවා තබාගෙන සිටින මෙම කඳවුරු වල පසුගිය කාලය පුරා දැඩි දූවිල්ලක් පැවති අතර ඉතා අවම මනුෂ්‍ය උවමනාවන් පවා අහිම්කර තිබිණි. සාමාන්‍යයෙන් සැප්තැම්බර් පමණ සිට රටේ උතුරු ප්‍රදේශයට වැසි ලැබිමට පටන්ගන්නා අතර එසේ වැසි ලැබීම පටන්ගත් පසු මෙම කඳවුරුවල ජීවිතය තවත් නරක අතට හැරෙන බව මානූෂීය සේවා ආයතන අනතුරු අඟවා තිබිණි.