Colombo, Featured Articles, Features

අන්තර්ජාලය ලෝකයම හඬවමින් සිටියි


අන්තර්ජාලය විසින් මිනිසාගේ පෙර පුරුදු ප‍්‍රශ්න කරමින් පවතියි. ඒවා අභියෝගයට ලක් කරමින් සිටියි. ඒ අභියෝගයන් හමුවේ නැවතත් මිනිසාගේ පෙරපුරුදු ප‍්‍රතිනිර්මාණය වෙමින් පවතී. පසුගිය දා හමුදා මේජර්වරයෙක් සහ පාසැල් දැරියක් අතර ඇති වූ පේ‍්‍රම සබඳතාවය අවසන් වන්නේ මේජර්වරයාගේ මරණයෙනි. මෙම පේ‍්‍රම සම්බන්ධතාවයට ආරම්භ වන්නේ ‘ෆේස් බුක්’ එක හරහාය. නමුත් ‘ෆේස් බුක් එකවුන්ට්’ එකක් අවසන් කරන ආකාරයට පේ‍්‍රමය අවසන් කළ නොහැකි බව මේජර්වරයා පැවසුවේය. මේජර්වරයාගේ මරණය වූ කලි දරාගත නොහැකි තාක්ෂණික විපර්යාසයට එරෙහිව තවත් මිනිසෙකුගේ විරෝධයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.

මුස්ලිම් ජනතාවගේ විශ්වාසයන් හෑල්ලූවට ලක්කරමින් නිෂ්පාදනය කළා යැයි කියන චිත‍්‍රපටයට එරෙහිව පසුගියදා කොළඹදී මහා ජන සහභාගීත්වයෙන් පැවති විරෝධතාවය වූ කළි එබඳු වූ තාක්ෂණික අභියෝගයකට එරෙහිව නැගුණ තවත් විලාපයකි. එහිදී ඇතැමෙක්ගේ දෑස් වලින් කඳුළුවැටෙනවා දකින්නට ලැබිණි. සමහරෙක් තම පපුවට ගසා ගනිමින් වේදනාව පිට කර හැරියේය. ඒ අන්තර්ජාලය ඔස්සේ විකාශනය වූ මුස්ලිම් විරෝධී යැයි පැවසූ චිත‍්‍රපටයක් නිසාය. මෙම චිත‍්‍රපටයට එරෙහිව සමස්ත මුස්ලිම් ලෝකයම පාරට බැස්සේය. ඇමරිකානු කොඩි, ඔබාමාගේ පින්තූර පයින් පාගා දැමුවෝය. ගිනි තැබුවෝය.

මේ සියලූම දේ දෙස වර්ගවාදය, අන්තවාදය, ආගමිකවාදය, ඇමරිකානු අධිරාජ්‍යවාදය වැනි විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් ඈත් ව බැලූ කල දක්නට ඇත්තේ තාක්ෂණික විපර්යාසයකට එරෙහිව මිනිසා විසින් නගන තවත් විරෝධයක් නොවේද? තාක්ෂණය විසින් තවත් මිනිසෙකුගේ පෙර පුරුදු ප‍්‍රශ්න කරමින් සිටින විට, ඒවා විවේචනය කරන විට එය මිනිසාට ක්ෂතිමය අත්දැකීමකි. ඉතින් මහා ජනගංගාවක් මැද පසුගිය දා අප කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැක්කේ තම පෙරපුරුදු අවසන් කරන්නට කාලය පැමිණ ඇති බව කියන විට ඒ වෙනුවෙන් මිනිසුන් නගන විලාපයයි.
අන්තර්ජාලය විසින් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම අදහසක් ඉදිරිපත් කිරීමට ඇති අවකාශය අද වන විට ඉතා ප‍්‍රබල ලෙස පුලූල් කර ඇත. එය කමෙන්ට් එකක් වන්නට පුළුවන. ලිපියක් වන්නට පුළුවන. එය ඡුායාරූපයක් වන්නට පුළුවන. සමහර විට එය වීඩියෝවක් වන්නට පුළුවන. මේ හරහා ක‍්‍රියාත්මක වන්නේ එක මිනිසෙකුගේ හුදු අදහසක් වන්නට පුළුවන. නමුත් එය සමස්ත ලෝකයටම බලා නොපානු බව කාට නම් කිව හැකිද? එම හුදු අදහස සමහර විට මුස්ලිම් විරෝධී වන්නට පුළුවන, ක‍්‍රිස්තු විරෝධී වන්නට පුළුවන. හින්දු විරෝධි වන්නට පුළුවන. බෞද්ධ විරෝධී වන්නට පුළුවන. ( බුද්ධ රූප වලට නිගාදෙන ඡුායාරූප යැයි කියමින් දිනපතාම වාගේ අන්තර්ජාලය තුළ විවිධ මත ඉදිරිපත් කරමින් පලවන විවිධ ඡුායාරූප අද වන විට සුලභය* ඉතින් මේ සියලූ දේ හරහා තාක්ෂණය විසින් ප‍්‍රශ්න කරමින් සිටින්නේ මිනිසා විසින් මෙතක් කල් ගත කළ ජීවිතයයි, මෙතෙක් කල් ඇදහූ විශ්වාසයයි.

මුස්ලිම් විරෝධී චිත‍්‍රපටය යූ-ටියුබ් එකෙන් ඉවත් කළ පමණින් ගැටළු විසඳෙනවා යැයි කවුරුන් පවසන්නේ නම් එය මුලාවකි. යුගයක් අවසන් වී තවත් යුගයක් ආරම්භ වනවා නම් එය වලක්වන්නට නොහැක. අද අන්තර්ජාලය විසින් තවත් යුගයක් බිහිකරමින් සිටියි. අන්තර්ජාලය යනු අද වන විට සමස්ත ලෝක ජනයාගෙන් බොහෝ දෙනෙකුගේ දෛනික ජීවිතයේ කොටසකි. එය මිනිසාගේ ජීවිතයට ඓන්ද්‍රීය ලෙස බද්ධ වී ඇත. මිනිසාගේ පහසුව තකා ගොඩනැගෙන අන්තර්ජාල අවකාශය තුළ, මෙවන් දේ සිදුවීම අන්තර්ජාලයේම අවශ්‍යතාවයකි. ඉතින් මෙම ප‍්‍රශ්න කිරීම් දැකිය හැක්කේ අන්තර්ජාලය විසින් ඉල්ලා සිටින අළුත් යුගයක් ලෙසය.

ලෝක මුස්ලිම් ජනයාගේ විරෝධතාවය වූ කළි පැවති යුගයක අවසානයේ ආරම්භයයි. සමහර විට අනාගතය තුළ මීට වඩා දරුණු දේ සිදු විය හැකිය. යුගයක් අවසන් වී තවත් යුගයක් ඉතා පහසුවෙන් ආරම්භ විය නොහැකිය. එය සමහර විට මහා සංහාරයකින් අවසන් විය හැකිය. එම සංහාරයට අකමැති සියළු දෙනාම කළ යුත්තේ තම දෘෂ්ටිවාදය, පෙර පුරුදු පිළිබඳව නැවත සිතා බැලීම මිස ඒවායේ දරුණු ලෙස එල්බ සිටීම නොවේ. මන්ද අද අප විසින් ගූගල් එකට එරෙහිව නගන කඳුළු බිඳුව නුදරු අනාගතයේ ලෝකයම දවන ඉන්ධන බවට පත් විය හැකි නිසාවෙනි. ක‍්‍රමය විසින් ඉල්ලා සිටින වෙනසට එරෙහිවන විට එය ආරම්භ වන්නේ සංහාරයකිනි. අවසන් වන්නේ ක‍්‍රමය විසින් ඉල්ලා සිටින නව වෙනසේ ආරම්භයෙනි. කළ යුත්තේ කඳුළු සැලීම නොව, තේරුම් ගැනීමයි. ලෝකය ක‍්‍රියාත්මක වන රටාව වෙනස් කළ හැක්කේ පාර-භෞතික වූ දෘෂ්ටිවාද වලින් නොව ප‍්‍රායෝගික වූත් සූක්ෂම වූත් භාවිතාවකිනි.

@VIKALPA

[Image:vikalpa]