සිංහල, Colombo, Democracy, Features, Human Rights, Media

තිස්සනායගම්ට 20 වසරක සිර දඩුවමක්

Thissa after Judgment - 1

Thissa after Judgment - 3jpg

Thissa after Judgment - 2

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ 2008 මාර්තු 7 වන දින අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට එරෙහිව පවත්වන ලද නඩු විභාගයේ තීන්දුව කොළඹ මහධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත්කරන ලද අතර එම අධිකරණ තින්දුවට අනුව තිස්සනායගම් මහතාට බරපතල වැඩ සහිත විසි වසරක සිරදඩුවමක් නියම කරන ලදි.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ කොළඹ මහාධිකරණ විනිශ්ච්‍යකාරිනී දීපාලී විජේසුන්දර මහත්මිය විසිනි. නඩු තින්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී මාධ්‍යවේදීන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයින් හා දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් පිරිසක් අධිකරණ භූමියේ රැස්ව සිටි අතර තවත් සැලකිය යුතු පිරිසක් අධිකරණ පරිශ්‍ර සීමාව තුළ තිස්සනායගම් මාධ්‍යවේදීයාට සහාය පලකිරිම සඳහ නිහඬ පෙළගැස්මක නිරතව සිටියහ.
තීන්දුව ලබාදීමෙන් පසු තිස්සනායගම් වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නිතීඥ අනිල් ද සිල්වා මහතා මාධ්‍යවේදින් හමුවේ ප්‍රකාශකර සිටියේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තම සේවාදායකයා තින්දුකර ඇති බවය.
ත්‍රස්තවාදය වැලැකිවීමේ පනත හා හදීසී නිතී රෙගුලාසි ශ්‍රී ලංකාව තුළ ක්‍රීයාත්මක කිරීමෙන් පසු ඒ යටතේ අධිකරණයක් හමුවේ වරදකරුවකු කරනු ලැබූ ප්‍රථම මාධ්‍යවේදියා වන්නේ තිස්සනායගම් මහතායි. ඔහුට ඉදිරිපත් කරන ලද 1 හා 2 යන චෝදනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ අතර 3 වන චෝදනාව ඉදිරිපත් කර තිබුනේ හදිසි නිති රේගුලාසි යටතේය. එම චෝදනා තුනටම තිස්සනායගම් මහතා වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරිය පළමුවන හා දෙවන චෝදනාවන්ට වසර 5 බැගින් සහ තුන්වන චෝදනාවට වසර 10 ක සිර දඩුවම් පැමිණ වීය.
තීන්දුව ප්‍රකාශ කරන දිනය වන විට තිස්සනායගම් මහතා දින 500 කට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටියහ. මේ අතර ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පිළිබඳව මෙන්ම අදාල නඩු විභාගය පිළිබඳව ද ජාතික හා ජාත්‍යන්තර තලයේ බලවත් උනන්දුවක් පළවිය. එහිදී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතාද පසුගිය මානව හිමිකම් දිනයේදී පවත්වන ලද සිය දේශනයේදී තිස්සනායගම් මහතා සිරගත කර සිටිම පිළිබඳව සිය කනස්සල්ල පළ කල අතර එයට අමතරව ජාත්‍යන්තර මානව හිමිකම් හා මාධ්‍ය නිදහස උදෙසා පෙනි සිටින සංවිධාන ගනනාවක්ම දරණ ලද්දේ එවැනිම ස්ථාවරයකි.