සිංහල, Colombo, Democracy, Features, Human Rights, IDPs and refugees, Poems

ඉතිං උං දෙමළනෙ… අපෙ මොකෝ ?

IDP camp Photo for poam

නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි.

උතුරු පැත්තම බලාගෙන
මොකද උඹ හූල්ලන්නේ ඔහොම
මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද
යකෝ තෝ සිංහලයෙක් නෙමේද?
බුද්ධාගංකාරයෙක් නෙමේද?
ලැජ්ජා නැද්ද තොට
උං පර දෙමල්ලු නේද?
මේ මුතු ඇටෙ ඉරාගෙන කන්ඩ හැදුව
උංගෙ කඳුළුවලට
උඹේ ඇස් තෙමෙන්නේ මොකද?
මට දැන් දැන් සැකයි
තෝත් කොටියෙක්ද කොහෙද?
නැත්තං මොන මඟුලක්ද?
සහන කඳවුරු ගැන ඔය තරං කැක්කුම?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව
ඒ පැත්තෙ දුක ගැන කැක්කුම
කොටියට උඩ ගෙඩි දීමක් බව තෝ දන්නැද්ද?
හිටපිය තොට රඟ පෙන්නන්ඩ
වරෙංකො දවසක ටී අයි ඩී එකට
දෙන්ඩ හොඳ බේතක්
ඔය දෙමළ කැක්කුමට
ඇයි යකෝ මේ ඉන්නෙ රත්තරං ටිකට
රාජ උත්තමයෙක් අපට
අඟලක් අඟලක් ගානේ රැකගෙන
වීර වික්‍රම සොල්දාදුවෝ පිරිවරාගෙන
තව මදිද තොපිට
හිටපියකො උන්නාන්සෙ කියන හැටියකට
සුවච කීකරු දේශප්‍රේමියෙක් විදියට
ක්‍රිකට් බල බල කට පියාගෙන
ඔය කඳුළු පිහදගෙන