සිංහල, Colombo, Democracy, Human Rights, Media, Poems

තිස්සනායගම්

Thissa after Judgment - 1

ඇත්ත වෙනුවෙනි හිරබත
තිස්ස නම් වන හිතවත

මූකලන් උසාවිය දරුණුයි
විගඩම් නිසාචරයො පමණයි
සමයං මුසාබස් ම ඉගිලෙයි
සකි දැන් අපේ නෙතඟ කඳුළුයි

කන්‍යාවියත් උදයෙ කෙළසූ
සංසාරයක් නොමැති කෙසරූ
උන්මාදයෙන් දොඩන අයුරූ
නිම්නාද දේ කළණ මිතුරූ

යදම් ලූ අතට හෙට බර වැඩ
හිතන්නේ කෙළෙසකද ඔබ ගැන
නිමක් නැති අඳුර තුළ වද විඳ
පතන්නෙ ද සොඳුරුතම පුරහඳ

ඇත්ත වෙනුවෙනි හිරබත
තිස්ස නම් වන හිතවත

මංජුල වෙඩිවර්ධන 2009 අගෝස්තු 31