සිංහල, Colombo, Democracy, Human Rights

ආචාර්ය සරවනමුත්තුව ගුවන්තොටේදී රඳවාගෙන ප්‍රශ්න කෙරේ

අද (2) උදෑසන බණ්ඩාරණායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාව රඳවාගෙන ප්‍රශ්න කොට පසුව මුදාහැර ඇත. විදේශ සංචාරයකින් පසු මෙරටට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පැය භාගයක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.
මෙරට පැමිණි සරවනමුත්තු මහතාට ගුවන් තොටුපල ආගමන අංශයේදී ඒ මහතාව ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍ය කෙනෙකු ලෙස තමන්වෙත දන්වා තිබෙන බව ආගමන නිළධාරීන් විසින් දැනුම් දී ඇත. පසුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් දෙදෙනෙකු විසින් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. එම ප්‍රශ්න කිරීමේදී පවසා ඇති ආකාරයට මෙම නියෝගය 2009 පෙබරවාරී මාසයේදී නිකුත් කරන ලද්දකි. එහෙත් සරවනමුත්තු මහතා පෙබරවාරී මාසයෙන් පසු කිහිප විටක්ම විදේශගත වී ඇති අතර ඒ කිසිදු අවස්ථාවක ඔහුගෙන් ප්‍රශ්න කර නොමැත.