සිංහල, Colombo, Democracy, Human Rights, Media

නිදහස් මාධ්‍ය ව්‍යපාරයේ උපලේකම් සොයමින් මහ රෑ නෙහඳුනන පිරිසක් සැරිසරලා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ උප ලේකම් හා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදයේ ලේකම් දිලීෂා අබේසුන්දර මෙනවියගේ නිවසට පැමිණි නොහඳුනන පිරිසක් ඇයගේ නිවසට ඇය පිළිබඳව විමසමින් නිවසට ඇතුලුවිමට උත්සහ ගෙන තිබේ.
මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 28 වනදා රාත්‍රී 10.30 පමණය. අබේසුන්දර මෙනෙවිය සිය රාජකාරී කටයුතු නිමවා නිවසට පැමිණ රාත්‍රී නින්දට යාමට සූදානම් වේද්දී කිසියම් පිරිසක් තමා නවාතැන්ගෙන සිටින නිවසේ ගේට්ටුවට තදින් පහරදෙනු ඇසී ඒ පිළිබඳව විමසිලිමත් වීමේ දී සිය අනන්‍යතාවය පැහැදිලි නොකරන ලද පිරිසක් ලීඩර් පුවත්පතේ දිලීෂා සිටිනවාදැයි විමසමින් විනාඩි ගණනාවක් තිස්සේ නිවසේ ගේට්ටුව අසල සිටින බව පැහැදිලි වී ඇත. එම අවස්ථාවේදී සිය නිවසේ දොර විවෘත කර නොමැති අබේසුන්දර මෙනෙවිය උස්හඩින් පවසා ඇත්තේ එවැනි කෙනෙකු මෙම නිවසේ නොසිටින බවය. ඉන් විනාඩි කිහිපයකින් පසු වාහනයක ඇන්ජිම පනගන්වා පිටත්ව යන හඬ පැහැදිලිව ඇසී ඇතත් පැමිණි පිරිස හා අදාල වාහනය හඳුනාගැනිමට නොහැකි වී ඇත. මෙම සිදුවීම බලවත් සැකයට තුඩු දෙන්නක් නිසා 29 උදෑසන බොරැල්ල පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කරමින් දීලිෂා අබේසුන්දර ප්‍රකාශ කර ඇත්තේ සිය මතු ආරක්ෂාව තහුරු කිරීමට කටයුතු කරන ලෙසය.
අප මේ පිළිබඳව බොරැල්ල පොලීසියෙන් විමසූ අවස්තාවේ දුරකතනයට සම්බන්ධ වූ නිළධාරියෙක් පැවසූවේ එවැනි පැමිණිල්ලක් ලැබි ඇති බවයි. ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කර සිටියා.