සිංහල, Education, Features, Health, Kandy, Life quips, Media

මහනුවර පාසල්වලටත් ‛සූකර උණ’ වැළදීමේ අවධානමක්.. එහෙම කිසිවක් දන්නේ නෑ. සහකාර ලේකම්, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය

Vikalpa post

මහනුවර නගරයේ පාසල් දෙකකින් ‛සූකර උණ’ වැළදී ඇති සිසුන් දෙදෙනෙකු වාර්තාවී ඇති බව එම පාසල් ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් පසුගිය දිනවලදී එම පාසල්වල විශාල සිසුන් ප්‍රමාණයකට උණ රෝගයක් වැළදී තිබූ අතර ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලින් පසුව මෙම තත්වය වාර්තා වූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

කෙසේවෙතත් මේ පිළිබඳ අප පළාත් නි්ෙ‍යා්ජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගෙන් කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කළේ ‛ඒ පිළිබඳ තවම අපට වාර්තාවෙලා නෑ. ඒ වගේම අපට තහවරු කළ හැකි පිළිතුරක් දිය නොහැකි බවයි. හා. ඊයේ පෙරේදා පත්තරේ තිබුන එකක්නේ.?’ නෑ. අපිට ඊයේ තමයි මේ තොරතුර ලැබුනේ. ‛මේ නොම්බරයට කථා කරන්න. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් 0814481322 එතුමාටනේ මාධ්‍යට කථාකරන්න බලය තියෙන්නේ.

’ අප ලේකම්තුමා ඇමතීමේදී ඔහු කාර්‍යාලයේ නොසිටි බැවින් මේ තත්වය පිළිබඳව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් තුමියගෙන් කරුණු විමසීමේදී ඒ පිලිබඳව කිසිවක් තමා නොදන්නා බවත් ‛ලේකම් තුමාගෙන් තමයි අහන්න ඕන’ බවත් සහකාර ලේකම් තුමිය ප්‍රකාශ කළාය.

එසේම පසුගිය දා කොළඹ පෞද්ගලික පාසලකින් ශිෂ්‍යයන් දෙදෙනකුට ‛සූකර උණ’ වැළදී ඇති බවට මාධ්‍ය වාර්තා කලේය. ඊට දින කිහිපයකට පසු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් රජයේ සහ පෞද්ගලික පාසල්වල ඉතා ඉක්මනින් සෞඛ්‍ය වැඩසටහන් පැවැත්වීමටත් මේ තත්වය පිළිබඳ ඉක්මනින් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස බළධාරින්ට නියෝග කළේය.

කෙසේ වෙතත් මෙවැනි අවධානම් තත්වයක් මහනුවර වැනි අනිකුත් ප්‍රදේශවල පාසල්වලත් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇති බව පාසල් ආරංචි මාර්ග පවසයි. තත්වය මෙසේ තිබියදී මහනුවර අධ්‍යාපන බළධාරීන් මේ තත්වය පිලිබඳව දැනුවත් කරනවා වෙනුවට මෙසේ මෙම තත්වය පිළිබඳව ‛කර ඇරීම’ ත්ත්වය තවතවත් අවධානමට ලක් කිරීමකි. එසේම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාත්, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්තුමියත් මෙම තත්වයේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳ නොදැන සිටිමත් ඒ පිලිබඳ කිසිදු ප්‍රකාශයක් කිරිමට මැළි වීමත් මෙවන් ව්‍යසනයක් තිබීම වසන් කිරිමක් ද..?

එසේ නොමැතිනම් පාසල්වල දරුවන්ට ‛සූකර උණ’ වැළදීමේ අවධානම යම් පමණකට හෝ අවම කළ හැක්කේ ඒ පිළිබඳ සමාජය දැනුවත් කිරීමෙනි. මෙසේ අධ්‍යාපන බලධාරීන් ඒ පිළිබද මුනිවත රැකීමෙන් නොවේ.

Pic by Sampath Samarakoon(Location By Center Province)