සිංහල, Colombo, Life quips, Media

යුරෝපියන් චිත්‍රපට උළෙලක් කොළඹ දී..

Poster- European film festival

යුරෝපියානු සංගමයේ ශ්‍රි ලංකා ශාඛාව, ස්වීස්ටර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශ තානාපති කාර්යාලය එක්ව ‛යුරෝපියානු චිත්‍රපට උළෙල 2009’ නමින් චිත්‍රපට උළෙලක් සංවිධානය කරයි. එය නොවැම්බර් මස 7දා සිට 15 දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප.ව. 5.00 සිට රාත්‍රි 07.00 දක්වා පැවැත්වේ.

සෑම චිත්‍රපටි දර්ශනයකටම පෙර මෙරට තරුණ සිනමා කරුවන්ගේ කෙටි චිත්‍රපටි දැක්මක්ද පැවැත්වෙන අතර මෙයට සමගාමීව මෙම චිත්‍රපටි ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ද පැවැත්වේ. යුරෝපානු සිනමා උළෙලේ ප්‍රථම දිනයේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරලිය චිත්‍රපටය ද තිරගත කෙරේ.

මෙම චිත්‍රපට උළෙල සඳහා ඇතුල්වීම නොමිළේ බව සංවිධායකයින් සදහන් කරයි.