සිංහල, Colombo, Life quips, Media

ප්‍රවීන කලාකරු හෙන්රි ජයසේනයන් අපෙන් සමුගනියි..

Henry-Jayasen

ලාංකීය නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යයකරුවෙකු වූ හෙන්රි ජයසේනයන් අද(11) අප අතරින් සමුගත්තේය. මිය යන විට ඔහු 78වන වියෙහි පසු විය. ‛සුදු සීයා’ නමින් ජනතාව අතර ආදරයට පත් ව සිටි හෙන්රි ජයසේනයන් 1931 ජූලි 6 වනදා ගම්පහ, බෙන්දියමුල්ලෙහි උපත ලද්දේ ය.

ජනේලය, තවත් උදෑසනක්, අහස්මාලිගා, හුණුවටයේ කතාව වැනි නාට්‍යයන් විශාල ප්‍රමාණයක් ලාංකීය රසිකයාට දායක කළ විශිෂ්ඨ කලාකරුවෙකි. විශේෂයෙන් හුණුවටයේ කතාවෙන් සහ තවත් වේදිකා නාට්‍ය ගණනාවකින් ලාංකීය ජනයාගේ මතකයෙන් කිසිදා නොයන හෙන්රි ජයසේනයන් මෙරට බිහි පුරෝගාමී නාට්‍ය කරැවෙකි. ඔහුගේ සමුගැන්ම ලාංකීය කලා ක්ෂේත්‍රයටත්, වඩා යහපත් ලංකාවක් පතන සුවහසක් මිනිසුන්ටත් පිරිමැසිය නොහැකි අඩුවක් බව දැනෙනු ඇති.