සිංහල, Colombo, Democracy, Human Rights, Stories from the silent

මැගසින් බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් පහරදීමෙන් දෙමළ සිරකරුවන් 22කට තුවාල

අද උදෑසන 8.30 පමණ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වු සිද්ධියකදී සිංහල සිරකරුවන් පහර දීමෙන් දෙමළ සිරකරුවන් විසිදෙදෙනෙකු (22) තුවාල ලබා ඇත. මේ වන විට තුවාල කරුවන් බන්ධනාගාර රොහලේ එච් වාට්ටුව වෙත ඇතුලත් කර ඇති අතර එයින් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව අප බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක කෙනත් ප්‍රනාන්දු මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කලේ ‛‛අද උදෑසන 8.30 – 9 ත් අතර කාලයේ බන්ධනාගාර නියාමකවරුන් සිය රාජකාරී මාරුවන අවස්ථාවේ දෙමළ රැදවියන්ගේ අංශය දෙසින් නියාමකවරයෙකුගේ ඔලුවට එල්ල වූ ප්‍රහාරයක් නිසා කළබල කාරී තත්ත්වයක් උදාවූ බවයි. එම සිද්ධිය සැලවූ සිංහල සිරකරුවන් දෙමළ රැඳවියන් සිටි අංශය වෙත පැමිණිම නිසා කලහකාරී තත්ත්වයක් ඇතිවූ බවයි. එයින් සිරකරුවන් කිහිප දෛනෙකුට සුළු තුවාල සිදු වූ බවත් නියාමකවරුන් මැදිහත් වී සිද්ධිය සමතයකට පතකළ බවත් ඔහු පැවසීය.