සිංහල, Colombo, Democracy, Governance

ජනඝාතක මිලිටරියා, සඟුන් නැසූ මිලිටරියා, ආපසු පල මිලිටරියා

Vrz
ජනතා ඡන්දයෙන් පත්වූ රජ්‍ය නායිකා අයුන් සාං සුකී මහත්මිය වසර විස්සක් පුරා නිවාස අඩස්සියේ තබාගනිමින්, සංඝයා වහන්සේලා ඇතුළු සාමාන්‍ය ජනයා මරා දමමින් ප්‍රජාතන්ත්‍රවිරෝධි පාලනයක් ගෙන යන බුරුම මිලිටරි ජුන්ටාවේ ආඥාදායක ජෙනරාල් තාං ශ්වේ ගේ ලංකා ගමනට විරෝධය පාමින් අද ලිප්ටන් වටරවුමේ දී බහුජන සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවයක් පැවැත්වුනි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ලංකා ගුරු සංගමය, ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය, කැෆේ සංවිධානය, නිදහසේ වේදිකාව හා එක්සත් සමාජවාදී පක්ෂය මෙම උද්ඝෝෂණයට සංවිධානය කර තිබිණි. අද දහවල් 12 සිට පැයක පමණ කාලයක් මෙම උද්ඝෝෂනය පැවැත් විය.