සිංහල, Badulla, Governance, Life quips, Stories from the silent

උග්‍ර ජල ප්‍රශ්නය හමුවේ සොරණාතොට ගමිමානයේ පාරම්පරික හුණු කර්මාන්තය විනාශවීමේ අවදානමක්

සොරණාතොට ප්‍රදේශයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් ප්‍රදේශයේ සියලු ජල උල්පත් සිදීයාමෙන් එම ප්‍රදේශයේ පාරම්පරික හුනු කර්මාන්තය නවතා දැමීමට සිදුව ඇති බව සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපැරණි කර්මාන්තකරුවන් පවසති. හුනු කර්මාන්තය කරගෙන යාම සඳහා ජලය අවශ්‍ය වන අතර දිය උල්පත් සිඳීයාමෙන් කර්මාන්තයට ජලය සපයා ගත නොහැකිවිම මේ තත්ත්වයට හේතුව බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

සොරණාතොට ගම්මානය හුනු කර්මාන්තය අතින් ප්‍රසිද්ධියක් උසුලයි. දැනට ප්‍රදේශයේ හුනු පෝරනු 25 ක පමන සංඛ්‍යාවක් පවතින අතර පවුල් 100ක් පමන කර්මාන්තයේ නියැලී සිටියි. සෙරණාතොට ගම්මානයේ හා අවට දුන්හිද, රිදීපන ආදී ගම්මානවල 500 ක තරම් පිරිසකට මෙම නිසා සෘඡු හා වක්‍ර රැකියා අවස්ථා උදාවී ඇත

වර්ථමානයේ මෙම කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන ජල ප්‍රශ්නය නිසා ප්‍රදේශයේ හුනු පෝරනු 15 ක් පමන මෙම වන විට වසා දමා ඇතැයි ද මෙම හේතුවෙන් පෝරනුකරුවන් ගැටළු රැසකට මුහුණ පා ඇතැයි ද පෝරනු හිමියන් පවසති.
මෙම ප්‍රශ්නය සම්බන්ධව සාරණාතොට පා්‍රදේශීය සභාවට කිහිප වරක් දන්වා සිටියත් ප්‍රාදේශීය සභාවෙන් අද වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇතැයි ද කර්මාන්තකරුවන් කියා සිටිති

ප්‍රාදේශීය සභාව වාර්ෂිකව පරිසර බද්ධක් වශයෙන් රුපියල් 3000 ක මුදලක් අය කර ගනු ලබනා බවත් තම දරු පවුල් ගැන සලකා බලා සහන දායි මිලට සතියකට අවශ්‍ය වතුර ප්‍රමානය බවුසර් මගින් හෝ තමන් වෙත ලබා දෙන ලෙෂත් ප්‍රදේශයේ පෝරනුකරුවන් ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිති.

බදුල්‍ල – ‍නෙත්