සිංහල, Democracy, Governance, Matale

ප්‍රථම ‘ජන්ද ඔට්ටුව’ මාතලෙන්…

ජනාධිපතිවරණය පිළිබද ‛ඡන්ද ඔට්ටුවක්’ ඊයේ(3) මාතලේ මහනගර සභාවේ පැවති මාසික සභා රැස්වීමේදී සම්මත කෙරුනු බව වාර්තාවේ. නගරාධිපති මොහොමඩ් හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි බණ්ඩාරණායක මහතා කළ කතාවකට පිළිතුරු දෙමින් එ.ජ.නි.සන්ධාන මන්ත්‍රි මරික්කාර් මහතා, ‛ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඔට්ටු තබමින් ප්‍රකාශ කලේය.’

ඒත සමගම නාගරික මන්ත්‍රි රොෂාන් ද සිල්වා මහතා(එ.ජා.ප) එම ඔට්ටුව පිළිගනිමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට වුවහොත් තමා මන්ත්‍රි ධරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය ක්‍රමයෙන් උණුසුම් වෙමින් පැවතෙන මෙම මොහෛාතේ ඒ පිලිබඳ ප්‍රථම ‛ජන්ද ඔට්ටුව’ මාතලේ මහනගර සභාවෙන් ඊයේ මෙසේ වාර්තා විය.