සිංහල, Economic issues, Health, Life quips, Matale

මාතලේ ‛බත්’ කිරිබත් වෙයි…

මාතලේ සමූපකාර තොගවෙළද සංස්ථාව හෙවත් ‛සතොස’ පසුගිය දා විකිණිමට තබා තිබූ ‛බාස්මතී’ නමින් හඳුන්වන සහල් වර්ගයක් පිසීමේදී කිරිබත් තත්වයට පත්වන බව බොහෝ පාරිභෝගිකයින් පවසයි.

බාස්මති යන්වෙන් හඳුන්වමින් රුපියල් 70.00ක මිළකට මෙම සහල් අලෙවි කර තිබීම නිසා බොහෝ පාරිභෝගිකයින් හාල් කිලෝගණනින් ගෙන ගොස් තිබේ.

මෙම හාල් වර්ගය බාස්මතී සහල්වල හැඩයට බොහෝ සමානය. එහෙත් පිසීමේ දී කිසිදු සුවඳක් හෝ රසයක් නොමැති අතර කෙසේ පිසින ලද වුවත් බත් බෙරි වී යන බව එම සහල් රැගෙන ගිය බොහෝ පාරිභෝගිකයින් පවසයි. එසේම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ‛කොහෙන් හරි කුණු හාල් ගෙනල්ලා ඡන්දෙ කාලෙට අඩු මුදලට දෙනවා’ යනුවෙනි.

මේ පිළිබඳ අප මාතලේ සතොස ආයතනයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සහල් බාස්මතී නමින් පිටරටකින් ආනනයනය කළ බවත්, එයට වඩා වැඩි විස්තර පැවසීමට නොහැකි බවත්ය. නමුත් මාතලේ නාඩු සහල් කිෙලා්වක් අලෙවි වන්ෙන් රැපියල් 70ක මිලකටය.
කෙසේ වෙතත් සහල් හිගයක් පවතින බවත් එයින් පාරිභෝගිකයින් අපහසුවට පත්වෙනු ඇතැයි පසුගිය දා අප වාර්ථා කලේය.