සිංහල, Colombo, Democracy, Governance, Media

තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන්න. මාධ්‍ය සංවිධාන අටක්(8) ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ ය.

රාජ්‍යය රහස් පනත ඉවත් කරන ලෙසත්, තොරතුරු දැනගැනීම අයිතිය සඳහා වන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් සිරිලාල් මහතා ප්‍රකාශ කළේය. නමුත් මෙය කළ හැක්කේ බලයේ සිටින එක්සත් ජනතා නිදහස් සංන්ධාන ආණ්ඩුවටයි, විපක්ෂයට යි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ‛ඇත්තටම ජනතාවට සේවය කරන්න සූදානම් නම් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවරු කරන ක්‍රියාකාරි වැඩපිළිවෙලක් සඳහා සූදානම් බව පෙන්වන්න.’

‛‛අපි මේක ඉල්ලන්නේ පාලකයන් ගැන කිසිදු විශ්වාසයකින් නොවේ. පසුගිය කාලයේ ඇති වූ විවිධ තර්ජනයන් නිසා ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ උපන් රට අතහැර යන්නට සිදුවූ අවස්ථාවකයි අපි මේ පාලකයින්ගෙන් මේ අයිතිය ලබදෙන ලෙස ඉල්ලන්නේ.’’ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම්, ධර්මසිරි ලංකාපේලී මහතා පැවසීය.
‛ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම පසුගිය කාලයේදී මාධ්‍යට එල්ල වූනු තර්ජනයන් වලට වගකියන්න ඕන. එබැවින් මේ අපි ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ මාධ්‍යට සහ මාධ්‍ය ආයතනවලට පමණක් නොවේ ජනතාවගේ අයිතියක් වන බැවින් මෙය ඉටුකරන ලෙස අපි බලකර සිටිනවා.’ ධර්මසිරි ලංකාපේලී මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාල ලියවිල්ලක් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ සඳහා ඉදිරි දිනයන්හී තම සංවිධානයන් කටයුතු කරන බවත් පැවසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රි ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා කතෘ සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංධානය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංධානයේ ශ්‍රි ලංකා පාර්ශවය සහ ශ්‍රි ලංකා පුවත්පත් අයිතිකරුවන්ගේ සංගමය සහභාගී වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අද(5) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විනි.

එම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අඩංගු ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.

press 1005