සිංහල, Colombo, Democracy, Features, Governance, Life quips

යුද්ධයෙන් ආබාධිත පොලිස් නිළධාරීන් උද්ඝෝෂණයේ…

PDP -1
PDP -2
PDP -3
PDP -4
PDP -5
PDP -6
PDP -7
PDP -8 අද උදෑසන පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධක සංවිධානය විසින් තමන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපතිවරයාට බාරදීම සඳහා කොටුව දුම්රියපොළ අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනක් පැවැත්වූ අතර පොලිසීය විසින් හිල්ටන් හෝටලය අසලදි එය අවහිර කරනු ලැබුවේය. පසුව එහි පාරේ වාඩිගත් එම අබාධිත පොලිස් නිළධාරීන් පැය කිහිපයක් එම ස්ථානයේ විරෝධතාවක නිරත වුවේය. පොලිස් දෙපාර්තමේන්තුව විසින් තමන්ව නොසලකා හැර ඇති බවත් එම නිසා තමන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් එහදී එම අබාධිත නිළධාරීන් කියා සිටියා. ත්‍රිවිධ හමුදාවේ අබාධිත සෙබළුන්ගේ තත්ත්වය ඉතා හෙඳ මට්ටමක පවතින බවත් තමන් දෙපාර්තමේන්තුවක් බව කියමින් තමන්ට ලැබිය යුතු දේ පවා පමා කරමින් පොලිසීයේ ඉහල නිළධාරීන් ක්‍රියාකරන බවත් එහිදී ඔවුන් පෙන්වා දුන්නා.
‛‛අපි යුද්ධකලේ කරුණල පිල්ලෙයාන්ල එක්ක කැබිනට් ඇමතිකම් මහ ඇමතිකම් දිල. පොලිසියේ ආරක්ෂව දීල අපිට ආරක්ෂාවක් තියා මොකවත් නැහැ. ඒ අය එක්ක යුද්ධ කරල අපි ආබාධිත වෙලා අපිටත් ත්‍රිවිධ හමුදාවට දෙනව වගේ අපේ දීමනා දෙන්න කියල අපි ඉල්ලන්නෙ. ත්‍රිවිධ හමුදාවට දෙනවනම් ඒ දෙන ඒවා අපිටත් දෙන්න කියල අපි ඉල්ලන්නෙ. අවුරුදු දහය පිරුනෙ නැහැ කියල කියනව එතකොට අවුරුදු දහය නැහැකියල අපිව යුද්දෙට ඇරියෙ නැද්ද. අපි බැඳුන දවසෙ ඉදල යුද්ධ කෙරුවේ ඒක නිසා අපි ආබාධිත වුනා. ආම්එකට ප්‍රොමෝෂන් හයයි අපිට එකක් වත් නැහැ. යුද්දෙ දිනල පෙරඩ් එකට යවන්න ආබාධිතයො නැහැ කිව්ව.
අපි පොලිස් ආබාධිත රණවිරු සංගමයවිදිහටයි මේ රැස්වෙල ඉන්නේග අපිත් මේ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කලා යුධ වැදුන පොලිස් රණවිරුවන් කියල අපි හඳුන්වන්නෙ. නමුත් අපිට රණවිරුවන් කියන අපේ අභිමානය පොලිස් දෙපාර්තමේන්තුව තුලින් අපිට ලැබිල නැහැ. දෙපාර්තමේනතුව විසින් නියෝග ධාල අපිට ලැබෙන්න තියෙන අපේ අයිතිවාසිකම් ගොඩක් කපිපාදු කරල තියෙනව. ඉතින් ඒක වැරදි නිසා අපි මේ විරෝධය දක්වන්නෙ. මගේ කකුල් දෙකම නැහැ ත්‍රස්තවාදී පීඩන බෝම්බයකට අහුවෙල. නමුත් මං වගේම කකුල් නැතිවෙච්ච යුධ හමුදා රණවිරුවෙක් ගන්නව මං වගේ පඩි. ඇත්තටම ඒගොල්ලන්ගෙ ජීවිතේ හොඳයි. නමුත් මං පොලිසියේ නිසා මගේ ජීවිතේ හරිම දුඛිතයි.
.