සිංහල, Colombo, Democracy, Features, Human Rights, Media

බොරු එපා ලසන්ත ඝාතකයින් හෙළි කරනු

LP - 1
LP-2
LP-3
LP-4
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් අද (12) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතා ව්‍යපාරයක් පවත්වනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සිරස රූපවාහිනියට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධියට වසරක් පිරීම නිමිතිකොටගෙන පැවති මෙම උද්ඝෝෂණයේදී මරාදැමූ, පහර දිමට ලක්කල හා පැහැරගෙන යනු ලැබූ සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන මෙන් උද්ඝෝෂකයන් රජයට බලකරනු ලැබුවා.
සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඹහතා මහ මඟදී මරා දමන ලද්දේ 2009 ජනවාරි 8 වනදාය. සිරස රූපවාහිනි ආයතනයට පහරදී බෝම්බ ගසා ගිනි තබා විනාශ කරන ලද්දේ 2009 ජනවාරි 6 දාය. මෙම සිද්ධි දෙක සිදුවී මේවන විට වසරක් ගතවී හමාරය. මාධ්‍යවේදි පෝද්දල ජයන්ත මහතා මහ මඟදී පැහැරගෙන ගොස් කකුල් කඩා දැමුවේ 2009 ජූනි මස 1 වෙනිදාය. එසේම පසුගිය වසර තුනක කාලයේදී මාධයවේදින් 16 දෙනෙකු ඝාතනය වි ඇතිබව දේශසිමා නොමැති වාර්තාකරුවෝ සංවිධානය පසුගිය වසර අවසානයේ නිකුත් කරන ලද වාර්ථාවක සඳහන් වේ. තවත් මාධ්‍ය ආයතන හා මාධයවේදින් විශාල පිරිසක් පහරදීම් වලට ලක්වුන අතර තවත් මාධ්‍යවේදින් පිරිසක් ජීවිත ආරක්ෂව පතා රට අත්හැර ගොස් සිටිති.