සිංහල, Democracy, Human Rights, Kurunegala, Peace and reconciliation

ජනාධිපතිවරණයේ තුන්වැනි බිල්ලත් ගනී

ඊයේ රාත්‍රී 11.30 පමණ වාරියපොළ මැතිවරණ කොට්ඨාශයේ අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පොස්ටර් අලවමින් සිටි පිරිසකට මොටර් සයිකල් වලින් පැමිණි පිරිසක් පොලුවලින් පහරදීම නිසා ධම්මික හේරත් නැමැති 33 හැවිරිදි එක්දරු පියෙක් මියගොස් ඇත.
වාර්ථාවන අන්දමට සිද්ධිය මේසේයි ‛‛ වාරියපොල නගරයේ සිට කිලෝමීටර් 6 පමණ දුරින් පිහිටි අඹකඩවර ප්‍රදේශයේ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අධාරකරුවන් පිරිසක් ඊයේ රාත්‍රියේ පොස්ටර් අලවමින් සිට ඇත. රාත්‍රි 11.30 පමණ මොටර් සයිකල් 7 කින් එහි පැමිණි පිරිසක් පොස්ටර් අලවමින් සිටි පිරිසට පොලුවලින් පහරදී ඇත. එම පහරදීමෙන් ධම්මික රණවීර නැමැති 33 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගෙස් තිබේ. මිය ගිය පුද්ගලයා එක් දරු පියෙකි.
අප මේ පිළිබඳව වාරියපොළ රෝහලෙන් විමසූ අවස්ථාවේ එහි ප්‍රකාශකයෙකු පැවසූවේ අද අළුයම් කාලයේ රෝහලට පුද්ගලයෙකු ඇතුලත් කල බවත් ඇතුලත් කරන අවස්ථාව වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බවත්ය. ඔහු මිය ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසාද කියා තවම ප5කාශකළ නොහැකි බවත් ඔහු පැවසුවා. වාරියපොළ පොලීසියෙන් මේ පිළිබඳව විමසූ විට ඔවුන් කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කලේ ඒ පිළිබඳව පොලිස් මැතිවරණ කාර්යාලයෙන් හෝ මැතිවරණ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විමසුන ලෙසයි. එහෙත් ප්‍රවෘත්තිය පළ කරන අවස්ථාව වන විටත් අපට එම නියෝජ්‍ය පොලිස් පතිවරයාව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.