සිංහල, Democracy, Human Rights, Kurunegala, Peace and reconciliation

ජනාධිපතිවරණයේ හතරවන බිල්ලත් කුරුණෑගලින්

අද (18) හවස කුරුණෑගල කොළඹ පාරේ වඳුරාගල ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය, පෝෂණ හා රෝග නිවාරන අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවස අසල පිහිටි එක්සත් ජනතා නිදහස් සංධානයේ කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම නිසා එහි සිටි තිස්තුන් හැවිරිදි අධාරකරුවෙකු මියගිය බව විකල්ප වෙත වාර්තාවේ. පැය විසිහතරක් තුල කුරුණෑගල දිස්ත්‍රික්යතුළ සිදුවූ දෙවන මැතිවරණ මරණය මෙයයි. ජනාධිපතිවරන දිනය ලංවත්ම දිනෙන් දින ප්‍රචන්ඩත්වය ඉහල යමින් පවතී. මේවන විට පුර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිසා පුද්ගලයින් හතර දෙනෙක් මිය ගොස් ඇත.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියෙන් විමසුවද කිසිවක් කීම ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා