සිංහල, Colombo, Democracy, Governance, Media

මින් මතුවට මා යටතේ මැතිවරණ නොපවත්වනු ඇති – මැතිවරණ කොමසාරිස් කලකිරිමෙන් කියයි..

මැතිවරණ කොමසාරිස් ලෙස දයානන්ද දිශානායක මහතා පසුගිය දා ලබා දුන් උපදෙස් රජයේ මාධ්‍ය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමත්, කොමසාරිස්වරයා විසින් පත්කල නිසි බලධරයාට අනියමින් බලපෑම් කිරීමත්, නිසා 18 දා රාත්‍රී 12.00න් පසු නිසිබලධරයා ඉවත් කරගත් බව සියලු දේශපාලන පක්ෂවලට ඊයේ(19) දැනුම් දී තිබෙන බව වාර්තා ෙව්.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නිසි බලධරයාගේ කිසිදු නියමයක් රාජ්‍ය මාධ්‍ය විසින් ක්‍රියාත්මක නොකරන තත්වය හමුවේ තමා සිටින්නේ ඉතාමත් කණගාටුවෙන් බවත්, මෙම ජනාධිපතිවරණයෙන් පසු තමා මෙම මැතිවරණ කොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, මින් මතුවට තමා යටතේ මැතිවරණ නොපවත්වනු ඇති බවත් ප්‍රකාශ කර ඇත.