සිංහල, Colombo, Democracy, Features, Media

සදාචාරේ වල පල්ලේ මාධ්‍යත් වලපල්ලේ – රූපවාහිණිය ඉදිරිපිට මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් උද්ඝෝෂණයේ..

2

3

4

5

‛‛මේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකපාර්ශවික, ආචාරධර්ම විරෝධිව එක අපේක්ෂකයෙකු වෙනුවෙන් තමන්ගේ සම්පත්, දේපල යොදාගනිමින් කරන ප්‍රචාරයට එරෙහිව, එවගේම අනිකුත් මතවාදයන්ට අනිකුත් අදහස්වලට ඉඩ නොදෙමින් ගෙනයන සදාචාර විරෝධී අත්තනෝමතික පාලනයට එරෙහිවත් මාධ්‍ය නිදහස ඉල්ලා සත්‍ය හෙළිදරවු කරන්න කියලා අද මේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඉස්සරහ අපි මේ පාරට බැහැලා ඉන්නේ.’’ රාජ්‍ය මාධ්‍ය භාවිතයේ සිදුවන ආචාරධර්ම විරෝධී වැඩපිළිවෙලට එරෙහිව අද(21) දහවල් ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂනයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපරයේ සුනිල් ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

එහිදි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය පැවැත්වෙන මේ මොහොතේ රාජ්‍ය මාධ්‍ය භාවිතා කරන්නේ ඉතාමත් පක්ෂග්‍රාහීවය. මේ අනුව ජනතාවට සත්‍ය තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියට ප්‍රභල අභියෝගයක් එල්ලවී ඇති බවත්ය.

එහිදී අදහස් දැක්වූ එක්සත් රාජ්‍ය මාධ්‍ය සේවක සම්මේලනයේ සභාපති, සංජීව සමරසිංහ මහතා,

‛‛අද මේ රටේ පක්ෂ පාට භේදයකින් තොරව වෘත්තීය සමිති භේදයකින් තොරව මාධ්‍යවේදීන් ඇතුලු සියලු වෘත්තිකයින් අද මහපාරට බැහැලා ඉන්නේ මහජන දේපල කොල්ලකන රාජ්‍ය මාධ්‍ය ආයතන අමුඅමුවේ කොල්ලකන මේ පාලකයන්ට පණිවුඩයක් දෙන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රේෂ්ඨාධිකණය විසින් දුන්න තීන්දුව අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකරන ක්‍රියාවන්ට එරෙහිව තමයි අද මේ මාධ්‍යවේදීන් ඇතුලු සියලු වෘතිකයින් අද පාරට බැහැලා ඉන්නේ. ඉදිරියේදී අපි ලෑස්තියි මේ බඩගෝස්තරවාදී හෙංචයියලාට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න.’’

උද්ඝෝෂණය පැයකට අධික කාලයක් ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපිටදී පැවැත්වුනු අතර එක්සත් රාජ්‍ය මාධ්‍ය ෙස්වක සම්ෙම්ලනය, ජාතික රෑපවාහිණි වෘත්තීය සමිති සංධානය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ එක්සත් සමාජවාදී පක්ෂය අතලු විශාල පිරිසක් එයට එක්වි සිටියේ ය. උද්ඝෝෂණය කැදවා තිබුෙන් රාජ්‍ය හා ස්වාධින මාධ්‍ය සන්විධාන එකමුතවයි.