සිංහල, Colombo, Democracy, Governance, Media

මැතිවරණ දිනයේ පමණක් වාර්තා වූනු සමස්ථ සිද්ධීන් සංඛ්‍යාව 178යි. සී.ඇම්.ඊ.වී

6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ(26) සවස 4ට අවසන් විය. එම ඡන්ද විමසීම පිළිබද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ ඩී. එම්. දිසානායක මහතා පවසන්නේ

‛‛මැතිවරණ කටයුතු අවසන් වන විට තම මධ්‍යස්ථානයට මැතිවරණයට අදාල වාර්තා වුනු සමස්ථ සිද්ධීන් සංඛ්‍යාව 178ක් වූ බවයි. එම සිද්ධීන් 178න් සිද්ධීන් 97ක් බරපතල සිද්ධින් හැටියට හදුනා ගන්න පුලුවන්. මෙම බරපත සිද්ධින් අතර විශේෂයෙන් දකින්ට ලැබෙන්නේ ඡන්දපොළ නියෝජිතයින් පලවා හැරීම්, ඡන්දපොල නියෝජිතයින්ට බලපෑම් කිරිම්, ඡන්ද දායකයින්ට බලපෑම් කිරීම්, මැතිවරණ නිරීක්ෂකයින්ට බලපෑම් කිරීම් සහ සමහර අවස්ථාවන්වලදී මැතිවරණ නිරීක්ෂකයින්ට පහරදීමට තැත්කිරිම ආදිය වාර්තා වූ බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ඒවගේම ගිනි තැබ්ම් හා ඡන්ද පොල අවට වෙඩි තැබීම් වැනි සිද්ධින් ගාල්ලෙන් වාර්තා උනා.

දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ, මෙම මැතිවරණය සමස්ථයක් ලෙස සලකා බලන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම අඩු වැඩි වශයෙන් සිද්ධින් වාර්තා උනා. එසේම සැලකිය යුතු කාරණයක් තමා උතුරේ අවතැන් වූ ජනයාගේ ඡන්ද අයිතිය පිළිබද කාරණය. මෙම ජනතාවට මැතිවරණ කොමසාරිස්වරයා පොරොන්ද උනා ඔවුන්ගේ මුලින් පදිංචි ස්ථානවලට යාම සදහා ප්‍රවාහන පහසුකම් සලසන බවට නමුත් මැතිවරණ දවසේ දහවල් 12 පමණ වනවිටත් ඔවුනට ප්‍රමාණවත් ප්‍රවාහණ පහසුකම් ලැබී තිබුනේ නෑ. පසුව ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලැබුනත් ඡන්ද මධ්‍යස්ථානවලට යන විට ඒ ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු නිම වී තිබුණා. මෙවැනි තත්වයක් තුළ ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන්නට තිබුණු අයිතිය විශාල වශයෙන් අහිමිවෙලා ගියා. මෙවැනි තත්වයක් තුළ මැතිවරණයේ ක්‍රියාකාරීත්වය නිදහස් හා සාධාරණව පැවතුනු බවක් නොවේ.’’

Sorce – http://vimeo.com/8996056