සිංහල, Democracy, Human Rights, Kurunegala, Media

නිවසට පහරදුන් මැරයන් සංවිධායකගේ පෙළපාලියේ

කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනාරච්චි මහතාගේ නිවසට පහරදුන් මැරයන් ඒ මහතා විසින් හඳුනාගෙන ඇති අතර මේවනතුරුත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැත. එහෙත් පසුගිය 30 වෙනිදා පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ටිකිරි අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනපතිවරණ ජයග්‍රහණය සැමරීමේ පෙළපාලියක අදාල මැරයන් ගමන් කළ බවත් ඒ වේලාවේම සිද්ධිය පිළිබඳව වීරඹුගෙදර පොලීසියට දැනුම් දුන්නද මේ දක්වා පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් ලියනාරද්දි මහතා අප වෙත දන්වන ලැබුවා.
ගුණරත්න ලියනාරච්චි මහතා කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු වශයෙන් කටයුතු සිදුකරන අතර පසුගිය 27 වෙනිදා රාත්‍රියේ 20 පමණ මැර කණ්ඩායමත් ඒ මහතාගේ නිවසට කඩාවැදී නිවසට සහ දේපළ වලට හානිකරනු ලබුවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ ඒ මහතා, බිරිඳ සහ දරු දෙදෙනා නිවස තුළ සිටියද අසල්වාසීන්ගේ මැදිහත් වීම නිසා ඔවුන්ට හානියක් සිදු නොවුනි.