සිංහල, Colombo, Democracy, Governance

ජනාධිපතිගේ දෙවන ධූරකාලය 2010 නොවැම්බර් 19 වනදායින් ආරම්භ වේ. ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධූරකාලය ආරම්භවන්නේ 2010 නොවැම්බර් මස 19 වනදායින් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

එම දෙවන ධුරකාලය එදිනෙන් වසර 6කාලයක් දක්වා පවතී.

2010 ජනවාරි 26 වනදා ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සිදුවූ අතර ඉන් පසු දේශපාලන සහ නීති ක්ෂේත්‍රයේ මහින්ද රාජපක්ෂක මහතාගේ දෙවන ධූරකාලය ආරම්භවන දිනය පිළිබඳ විවිධ මතවාද පැවතුනු අතර එය ආරම්භවන්නේ 2010 නොවැම්බර් මස 19 වනදායින් පසුව බව අගවිනිසුරු අශෝක එන් සිල්වා මහතා ඇතුලු විනිසුරු මඩුල්ලක් එම තීරණය අද ප්‍රකාශයට පත් කර ඇත.