සිංහල, Colombo, Democracy, Media

ඉරානය ජීමේල් භාවිතය තහනම් කරයි…

ඉරාන රජය විසින් තම රටේ ජීමේල් භාවිතය තහනම් කර ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් එම වාර්තා සඳහන් කරන්නේ ජාතික විද්‍යුත් තැපැල් සේවයක් ආරම්භ කිරීම යෝජිත නිසා මෙය සිදුකල බවයි.

එසේම මේ වන විට අන්තර්ජාල සම්බන්ධතා විටින් විට අඩාලවන බව ද වාර්තාවේ.

ඉරාන විප්ලවයේ 31වන සංවත්සරය යෙදී තිබෙන්නේ අද(11)ය. එය නිමිති කරගනිමින් ඉරාන ජනතාව, ඉරාන රජයේ දුෂණවලට විරෝධය දැක්වීමට රට පුරා උද්ඝෝෂණ සිදු කරමින් ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

ඉරානය ශ්‍රී ලංකවේද හිතාදර මිතුරෙකුබව ලංකාවේ ඇතැම් මාර්ගවල ගමන් කිරීමේදී මනාවට පැහැදිලි වන්නේ ඉරාන ජනාධිපති හා ලංකා ජනාධිපතිගේ රුව ඇති බෝර්ඩ්ස් නැරඹීමෙනි.

v1

Pic Internet