සිංහල, Colombo, Democracy, Human Security, Media

ලංකා කර්තෘ චෝදනා නොමැතිව නිදහස්

රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගෙන සිටි ලංකා ඉරිදා පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතා කිසිදු චෝදනාවකින් තොරව ඊයේ නිදහස් කරනු ලැබුවා. පසුගිය. රහස් පොලිසිය විසින් ඊයේ සවස සිරිමල්වත්ත මහතාව ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයාගේ කාර්යලයට ඉදිරිපත් කර චෝදනාවකින් තොරවම ඒ මහතාව නිදහස් කරනු ලැබුවා.
පසුගිය ජනවාරි 29 වන දින කටඋත්තරයක් ගැනීම සඳහා පැමිණෙන්න යැයි රහස් පොලිසියෙන් ලැබුන දැනුම්දීමටකට අනුව එහි ගිය චන්දන සිරිමල්වත්ත මහතාව පැය හතරක පමණ වේලාවක් ප්‍රශ්න කිරීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝගයක් අනුව දින අනූවක රැඳවුම් නියෝගමත අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදි ඔයුට චෝදනා ලෙස ඉදිරිපත් වුයේ රාජ්‍ය ආරක්ෂාවට හානි කර ලෙස සිය පුවත්පත මෙහෙය වන ලද බවටයි. එහෙත් දින 20 කට ආසන්න කාලයක් රඳවා තබාගැනීමෙන් පසු කිසිදු චෝදනාවකින් තොරව ඔහු නිදහස් කරනු ලැබීය. ඔහුගේ චෝදනා වන් වලට අදාලව නිසි පරිදි පොලිස් පරීක්ෂණ සිදු නොකෙරුන බවටද පොලිසිය වෙත චෝදනා එල්ලවුවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට සමගාමීව ලංකා පුවත් පත් ආයතනයට සීල් තැබීමටද රහිස් පොලිසිය කටයුතු කළ අතර පසුව අධිකරණය විසින් එය අවලංගු කරනු ලැබිණි.
ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම නීතිවිරෝධි බවත් එම නිසා එය බල රහිත කරන ලෙසත් ඉල්ලා ඔහුගේ නීතිඥයින් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධීකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරමින් දන්වා සිටියේ මින් ඉදිරියට මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනිමට පෙර තමාට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසටයි.