Colombo, Poems

මහින්දලාගේ සහ මත් මාධවගේ ගායනය

Image Credit: Facebook

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ
(එස්.මහින්ද හිමි)

##
අපිට තියෙන්නෙ ඇත්තට මෙච්චරයි

කරන්න ඇත්තේ ඇත්තට එච්චරයි

නිදහස යන්නෙහි අර්ථය සහතිකයි

හිස් ඇස් නැතිනම් අපි දැන් කම්මුතුයි

|

බුදුන් තුන්වරක් වැඩ යක් මැඩූ බිම

සමන් දෙවිඳු බාර දුන්න දහම් බිම

විජය නිරිඳු මුත්තා වුණ සිහළ බිම

දුට්ඨ ගැමුණු මෙත් බුදු කඩු ගෑව බිම

|

බුදුන් සරණ ගිය සිංහල මිනිසුන්නේ

නිවන් දකින්න ද තොපි දැන් සැරසෙන්නේ

එහෙම කොහෙද අපිත් එක්ක සිදු වෙන්නේ

පළමු සිල් පදය බිඳ හැකි අවි අත ගන්නේ

|

දෙමළට කළ දේ සිහියට අරගනිව්

තොපිත් ඉතින් ළඟදිම මකබෑවියව්

ඥාණසාරගේ ඥාණය බබලවව්

සිංහල සිංහයා බිමට බස්සවව්

|

කඩුව අරන් ගල ගාලා වනව් හතර අත

කැපෙන වුන්ගේ ලේ බී මත් වේ තොප

අම්මලාට දුන්නම දොල සිඳෙනු ඇත

විහාරදේවිත් සොහොනෙන් වඩිනු ඇත

|

සිවුර රතු උණොත් බුදු දම රැකෙනු ඇත

සාටකයෙන් රටේම විළි වැසෙනු ඇත

එකක් දෙකක් ඝාතනයෙන් වැඩක් නැත

උතුර සිහි කරන් මුස්ලිම් නසනු ඇත

Mels Macasche | මෙල්ස් මාකැස්චේ