සිංහල, Batticaloa, Democracy, Governance, Media

මාතරට නාමයෝජනා දී දින දෙකක දී, මහඇමති පිල්ලෙයාන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..

නැගෙණහිර පළාතේ මහ ඇමති, ටීඑම්වීපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තාවේ. මහ ඇමති කාර්යාලයේ ප්‍රකාශිකාවක් පැවසූවේ මහඇමතිතුමාගේ ආරක්ෂාව ඉවත්කරගෙන ඇති බවත් ඒ පිළිබද නි්ෙ‍යා්ජ්‍ය පොළිස්පතිවරයාට ලිඛිතව දැනුම් දීමක් සිදුකරන බවත්ය.

තවද පසුගිය 24වනදා ටීඑම්වීපී හෙවත් දෙමළ විමුක්ති කොටි සංවිධානය මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී ඇතැයි පසුගිය දා වාර්තාවේ.

ටීඑම්වීපී පක්ෂය නැගෙණහිර පළාත මූලික කොටගෙන බිහිවූ දේශපාලන පක්ෂයක් වන අතර එහි නායකත්වය දරන්නේ නැගෙණහිර මහ ඇමති පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතායි.