සිංහල, Democracy, Human Security, Kandy

පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට මැර ප්‍රහාරයක්

පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් කීර්තිරත්න මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවි ඇති බව වාර්ථාවේ. ප්‍රහාරයට පැමිණි පිරිස ඊයේ රාත්‍රී 2.30 ත් 3.00 අතර කාලයේදී වෑන්රථයකින් පැමිණ ඇත. ප්‍රහාරකයින් නිවසට පැමිණෙන අවස්ථාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිවසේ නොසිටි අතර නිවසේ සිට ඇත්තේ ඔහුගේ බිරිඳ හා දරුවන් පමණි. වෑන්රථයෙන් පැමිණි පිරිස සභාපතිවරයාගේ නිවසේ ඉදිරිපස ජනෙල වලට පෙලුවලින් පහරදී අලාභහානි කර පළාගොස් ඇත. මෙම පහරදීම සඳහා පැමිණ ඇත්තේ පෙදුජන එක්සත් පෙරමූණේම අපෙක්ෂකයෙකුගේ අධාරකරුවන් බව ප්‍රදේශවාසීන් පවසයි.
සිද්ධිය පිළිබඳව 119 ඔස්සේ පොලිසීයට දැනුම්දුන් පසු පන්විල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ සිදුකර ඇත.එහෙත් සභාපතිවරයා පවසන්නේ පොලිසිය ස්ථානයට පැමිණියද තමන්ගෙන් හෝ තම බිරිඳගෙන් කටඋත්තරයක් ලබානොගත් බවයි.
අප පන්විල පොලිසියෙන් විමසු විට එහි නිළධාරියෙකු පැවසුවේ තවමත් එම සිද්ධිය පිළිබඳව තමන්ට පැමිණිල්ලක් නොලැබුන බවයි. එහෙත් ප්‍රදේශවාසීන් විමසන්නේ 119 අමතා දැනුම් දුන් විට එය පැමිණිල්ලක් නොවන්නේද කියාය.
මෙම මැර පිරිස ප්‍රහාරය එලල කර පලායන අතරතුර ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පියාගේ නිවසට ගොස් එම නිවසේ තිබූ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයෙකුට අයත් බැනර හා පොස්ටර්ද විනාශ කොට නිවසේ සිටි පිරිසට තර්ජනය කර පලාගොස් ඇත.