සිංහල, Colombo, Human Rights, Peace and reconciliation

තේ විරාමය

පළමු සෙමෙස්තර විභාගය අවසන් වී විශ්ව විද්‍යාල ආපන ශාලාවට ගියේ තේ එකක් බොන්න. අපේ කලා පීඨයේ ආපන ශාලාවේ පසුගිය ටෙන්ඩරය අවසන් වෙලා දැන් එය පවත්වාගෙන යන්නේ වෙනත් පිරිසක්. තේ බොන්න හැමෝම එකතු වෙද්දි අපේ ශිෂ්‍ය සංගම් නියෝජිත සහෝදරයාගෙන් මම ඇහුවා ඇයි මාලිංගට ටෙන්ඩරය ලැබුණේ නැත්තේ කියලා. මාලිංග තමයි පසුගිය වසරේ ආපන ශාලාවේ ජනප්‍රියම චරිතය. ඔහු බොහෝ වෙලාවට කටයුතු කළේ ආපන ශාලාවේ මුදල් අයකැමි විදියට. මම අහපු පැනයට ශිෂ්‍ය සංගමයේ නියෝජිත සහෝදරයා මෙහෙම පිළිතුරු දුන්නා.

‛‛මාලිංගගේ නමින් ටෙන්ඩරය දාලා තිබුණට ඒක අයිති දෙමළ කෙනෙකුටලු. කැම්පස් එක තියෙන්නේ අධි ආරක්ෂිත කළාපයේ හින්දා දෙමළ කෙනෙක්ට ටෙන්ඩර් එක දෙන්න බෑ කියලා තමයි කියන්නේ.’’

පසුගිය වසරේදී ආපන ශාලාවේ සේවය කළ සියළුම ද්‍රවිඩ ජාතිකයින් සේවයෙන් ඉවත් කලේ ද විශ්ව විiලයේ කලා පීඨය අධි ආරක්ෂිත කළාපයක් නිසා.

මේ කතාවත් එක්ක මට හිතුනා තව ටික දවසකින් විශ්ව විද්‍යාලය අධි ආරක්ෂිත කළාපයක් කියලා ද්‍රවිඩ සිසුන්වත් විශ්ව විiලයෙන් ඉවත් කරයි කියලා. මේ විධියට දෙමල මිනිස්සුන්ව කොන් කරලා ඔවුන්ට මේ රටේ පුරවැසියන් විධියට සමාන අයිතිවාසිකම් ලැබුණේ නැති නිසා තමයි අද වෙන විට අපේ විශාල වාර්ගික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ කියලා මම එතැනින් නැගිටලා ආවා. මේ විදියට එකිනෙකා දිහා සැකෙන් බලන තාක් අපට මේ රටේ සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

පබා මැණිකේ
30/09/2007