සිංහල, Governance, Matale, News

මාතලේ ‛ඔරලෝසුව’ ජනපතිට ‛බයේ’ යළිත් වැඩ..

මාතලේ නගර මධ්‍යයේ පිහිටා ඇති පරණ ඔරලෝසුව ගලවා ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් මීට මාස ගණනාවකට පෙර ඩිජිටල් වර්ගයේ ඔරලෝසුවක් සවි කෙරිණි. නමුත් සවිකරන ලද දිනයේ සිට මාස ගනනක් යනතුරු මෙය වැඩ කළේ නැත. කිහිප විටක්ම මාතලේ නගර සභාවෙන් විමසීමට ගත් උත්සහය වැලකුනේ කිසවෙකුත් ඊට පිළිතුරක් නොදී මග හැරීමයි. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා(මාර්තු 19) රාත්‍රිය වනවිට දක්නට ලැබුනේ ඩිජිටල් වර්ගයේ ඔරලෝසුව ක්‍රියාත්මක වන බවයි.

ඔරලෝසු කනුව අසල ව්‍යාපාරිකයෙකුගෙන් ‛මේක දැන් වැඩ කරනවා නේ ද?’ යැයි මා විමසීිය. ‛ඔව්.. ඔව්.. ජනාධිපති හෙට එනවානේ වැඩ කරන්නේ නැති ඒවත් දැන් වැඩ කරනවා’ යැයි ඔහු කීය.

ඊට පසු දින(මාර්තු 20) ජනාධිපිතිවරයා මාතලේ රැලියකට සහභාගී වීමට නියමිතව තිබිණී. ඒ නිසා බලධාරීන් විසින් මෙම ක්‍රියාවිරහිතව තිබූ ඔරලොසුව යථා තත්වයට පත් කළ බවත්, ජනාධිපිතිවරයාට බයේ මෙය යළි ක්‍රියාත්මක කිරීමට බලධාරින් ක්‍රියාකළ බවත් ඔරලොසු කනුව අසල ව්‍යාපාරිකයන් පැවසී ය.

කෙසේ වෙතත් ‛බය’ කිරීම තූළ සියලු දේ සිදුවන ලංකාවේ ඔරලොසුව ‛බයට’ වැඩකිරිම ලොකු කජ්ජක් නොවන බව මට සිතිනි.