සිංහල, Democracy, Election, Matale

මාතලේ එකම පක්ෂය තුල ගැටුම්, මැතිවරණය සාමකාමීවේදැයි සැකයි. ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් කියයි.

මාතලේ දිස්ත්‍රික්කය තුළ මෙිවන විට උද්ගතවී ඇති තත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් පෙන්වා දෙයි. ඒ පිළිබදව ජනිධිපතිවරයාද දැනුවත් කර ඇතිබව පෙන්වා දෙන එම සාමාජිකයින් වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා පළමුවරට ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙකුට එම පක්ෂයේම ප්‍රභලයෙකුගෙන් තර්ජන එල්ල වී ඇති බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ජීප් රථයකට දඹුල්ල, දිගන්පතහ ප්‍රදේශයේ දී පහර දුන් එම පිරිස, ලග්ගල ප්‍රදේශයේ පාසලකට පෙරේරා මහතා විසින් ලබා දුන් බස්රථයකටද අලාභානි කරමින් ඔහුගේ තවත් ඩිෆෙන්ඩර් රථයකටද අලාභානි කර ඇතැයි වාර්තාවේ. මේ සිද්ධින් කිහිපය වූයේ මෙම පසුගිය දින කිහිපය තුල බවත්, එම සාමාජිකයින් පෙන්වා දෙයි. එසේම මහදවල් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පොස්ටර් අලවමින් සිටි පෙරේරා මහතාගේ ආධරකරුවන් පිරිසකට පසුගිය දා මාරාන්තික තුවාල සිදුකරමින් පහරදි ඇතැයි ද ඔවුන් පවසයි.

කෙසේ වෙතත් අද දිනයේ මෙම තත්වය මැඩ පැවැත්වීම සදහා මාතලේ ප්‍රදේශයට 60දෙනකුගෙන් යුත් විශේෂ පොළිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද පොළිස් ආරංචිමාර්ග පවසයි. නමුත් මෙම විශේෂ පොළිස් කණ්ඩායමෙහි ඇඳුමට සමාන ඇඳුම් සකසා ඒවා මැර පිරිස්වලට අන්දවා අද දිනයේදී පෙරේරා මහතාගේ මනාප වැලැක්වීම සඳහා මැර සැළසුමක් ක්‍රියාත්මක කිරිමට එම ප්‍රභල දේශපාලකයා සූදානම්වන බව මෙම ලියන මොහොත වන විට වාර්තා විය. නමුත් මෙම තත්වය නිසා පොලීසිය එම විශේෂ ඒකකයේ එම නිළ ඇඳුම පාචිච්චි නොකිරිමට තීරණය කර ඇතැයි ද වාර්ථ වේ.

කෙසේ නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ මෙම තත්වය හමුවේ අද දින පැවැත්වෙන මැතිවරණය නිදහස් හා සධාරණ මැතිවරණයක් බවට පත් නොවිමට එකම පක්ෂයේ අයගේ ක්‍රියාකාරීත්වයන් බලපෑමට ඉඩ ඇතැයි පවසි.